Saturday, April 20, 2024

කිරිඇල්ලට උපදේශකයින් 62 ක්..

ඊයේකොළඹදී පැවැති දූෂණ විරෝධී පෙරමුණේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අදහස් දක්වමින් දූෂණ විරෝධී පෙරමුණේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා කිරිඇල්ල මහතාගේ ක්‍රියාකලාපයක් සම්බන්දයෙන් අදහස් දැක් වූවා. ඔහු දැක් වූ අදහස් පහතින් ඇත.

“අපි පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා ලක්‍ෂ්මන් කිරිඇල්ල ඇමැතිවරයා තමන්ගේ අමාත්‍යංශයට උපදේශකයන් 62 දෙනෙක්‌ පත්කිරීම ගැන. පසුගිය ආණ්‌ඩුවේ හිටපු ඇමැති කුමාර වෙල්ගමට නඩුදාලා උපදේශකයකුට වැඩිපුර රුපියල් 50000 ක්‌ ගෙව්වා කියලා. එහෙම තියෙද්දී මේ ආණ්‌ඩුවේ කිරිඇල්ල ඇමැතිවරයා උපදේශකයෝ 62 ක්‌ පත්කරලා මහජන මුදල් ගෙවමින්. මේ සිදුවන දේවල් නැවැත්වීමට ආණ්‌ඩුවේ වගකිවයුත්තන්ට ඇස්‌ කන් නැද්ද? අපි මේ පිළිබඳව දූෂණ මර්දන ලේකම් කාර්යාලයට පැමිණිලි කළා”.

“හිටපු ආණ්‌ඩුව තමන්ට අවශ්‍ය නඩු තීන්දු නොදුන්න විට අගවිනිසුරුවරිය ගෙදර යෑව්වා වගේ අද විගණකාධිපති මේ ආණ්‌ඩුවේ වැරදි හොයනවිට ඔහුට විරුද්ධ වෙලා. ගල් අඟුරු වංචාව ගැන ශේ්‍රෂ්ඨාධිකරණය කිව්වා මේ සිදුවීම ගැන හදවත සලිතවුණු බව. ඒවගේම විධානයක්‌ දුන්නා ටෙන්ඩරය අහෝසිකර තරගකාරී මිල ගණන්වලට යළි කැඳවන්න කියලා”.

“එජාපයේ නලින් බණ්‌ඩාර මන්ත්‍රීවරයා කියනවා ප්‍රවෘත්ති සාකච්ඡාවක්‌ තියලා විගණකාධිපති වාර්තාව වැරදියි ඔහු වැරදි වාර්තාවක්‌ දාලා කියලා. මන්ත්‍රීවරයාගේ ඔලුව පරීක්‍ෂා කළ යුතුයි. වාර්තාව වැරදියි නම් නඩුව යන විටම අධිකරණයට කියන්න තිබුණා. පරණ හොරු අල්ලනවා වගේම අලුත් හොරු අල්ලන්නත් සාධාරණ පරීක්‍ෂණයක්‌ පැවැත්විය යුතුයි”.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles