Saturday, April 20, 2024

කොරෝනා අගුළු දැමීම්වලට එරෙහිව යුරෝපා රටවල ජනතාව වීදි බැස උද්ඝෝෂණ පවත්වයි

ශීඝ‍්‍රයෙන් පැතිර යමින් පවතින කොරෝනා වසංගත තත්ත්වය හමුවේ පනවා ඇති අගුළු දැමීමේ (ලොක්ඩවුන්) සීමාවන්ට විරෝධය පාමින් යුරෝපා රටවල් කිහිපයක දහස් ගණනක් වූ ජනතාව මාර්ගවලට පැමිණ උද්ඝෝෂණ පැවැත්වීමට පටන් ගෙන තිබේ.

නෙදර්ලන්තය , ඔස්ට්‍රියාව, ක්‍රොයේෂියාව හා ඉතාලිය යන යුරෝපා රටවල වෙසෙන ජනතාව මෙසේ කොරෝනා අගුලූ දැමීම් වලට එරෙහිව විරෝධය පාමින් උද්ඝෝෂණ පැවැත්වීමට පියවර ගෙන ඇති අතර නෙදර්ලන්තයේ හේග් අගනුවර මාර්ගවලට පැමිණි දහස් ගණනක් වූ ජනතාව ආරක්ෂාව සඳහා යොදවා සිටි පොලිස් නිලධාරීන් වෙත දල්වන ලද රතිඤ්ඤා කරල් දමා ගසමින් පාපැදිවලට ගිනි තබමින් සිය විරෝධය පළ කර තිබේ. පෙරේදා (19දා) රොටර්ඩෑම් නගරයේද අගුලූ දැමීමේ සීමාවන්ට එරෙහිව මහජන උද්ඝෝෂණ පැවති අතර ඒවා දරුණු අතට හැරීම හේතුවෙන් පොලිසිය විසින් උද්ඝෝෂකයන්ට වෙඩි තැබීමෙන් 07 දෙනකු තුවාල ලැබීය. මෙහිදී උද්ඝෝෂකයන් 20 දෙනකු පොලිස් අත්අඩංගුවට පත්ව ඇත. උද්ඝෝෂකයන් විසින් රොටර්ඩෑම් නගරයේ පොලිස් නිලධාරීන් වෙත දල්වන ලද රතිඤ්ඤා කරල් දමා ගසමින් පොලිස් නිලධාරීන්ගේ මෝටර් රථවලට ගිනි තැබීම හේතුවෙන් පොලිසිය මෙම උද්ඝෝෂණයට වෙඩි ප‍්‍රහාර එල්ල කර තිබිණි. යුරෝපා කලාපයේ කොරෝනා වසංගතය ශීඝ‍්‍රයෙන් පැතිරීම කනගාටුවට කරුණක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා තිබේ. මෙම වසංගතයෙන් ලබන වසන්ත සමය වන විට යුරෝපයේ මිලියන භාගයක් දෙනා මිය යනු ඇති බවට වෛද්‍ය විශේෂඥයන් විසින් දැනටමත් අනතුරු අඟවා තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles