Friday, March 29, 2024

කොරෝනා නිසා කල් දැමූ 2021 ශිෂ්‍යත්ව හා උසස්පෙළ විභාග පැවැත්වෙන දිනයන් මෙන්න

5 ශ්‍රේණිය සිසුන්ගේ ශිෂ්‍යත්ව විභාගය ලබන 22 වන දින පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

විභාග දෙපාර්තමේන්තුව කල නිවේදනයට අනුව එය මධ්‍යස්ථාන 2943 කදී පැවැත්වෙනු ඇත.

එමෙන්ම උසස්පෙළ විභාගය පෙබරවාරි මස 07 වන දින සිට මාර්තු 05 වන දා දක්වා පැවැත්වීමට ද තීරණය කර ඇත. ඒ මධ්‍යස්ථාන 2438 ක දීය.

මෙවර උසස්පෙළ විභාගය සදහා අයදුම්කරුවන් 345242 ක් ද එමෙන්ම ශිෂ්‍යත්ව විභාගය සදහා අයදුම්කරුවන් 340507 ක්ද ඉදිරිපත් වීමට නියමිතය.

කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් 2021 වසරේ පවත්වන්නට තිබූ මෙම විභාගයන් සංචරණය සීමා හා පාසල් වසා දැමීමේ හේතූන් නිසා මෙම වසරේ මේ අයුරින් පවත්වනු ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles