Thursday, April 25, 2024

කොරෝනා පාලනය සාර්ථකයි – දැන් සීඝ‍්‍ර සංවර්ධනයකට මන්ත්‍රීවරුන්ට වාහන ගේන්න ඕනෑ

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් වාහන ආනයනය කිරීමේ තීරණය යළි සලකා බැලීමට කාලය එළැඹ ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා සඳහන් කරයි.

රජය විසින් මේ වන විට කොරෝනා මර්ධන කටයුතු සාර්ථක ලෙසින් සිදු කරමින් පවතින නිසා ඒ සමඟ සීඝ්‍ර සංවර්ධනයක් කරා රට ගෙන යාමට මීළඟ පියවර බව ද පෙන්වා දුන් ඒ මහතා එම කාරණය සඳහා මෙම පහසුකම අවශ්‍ය බවද පැවසීය.

මන්ත්‍රීවරුන්ට වාහන ආනයනය කිරීමට ජනාධිපති මන්දිරයේ පැවැති මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී සාකච්ඡා කළ ද ඒ ගැන අවසන් තීරණයක් නොගත් බවද ඔහු පැවසීය.

මන්ත්‍රීවරුන්ට වාහන ආනයනය කිරීමේ තීරණය රට තුළ උද්ගතව තිබූ තත්වය හේතුවෙන් අවලංගු කරන ලෙස මන්ත්‍රීවරුන් විසින්ම ඉල්ලා සිටි බවද ඔහු පැවසීය.

ඒ මහතා මේ බව සඳහන් කළේ බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි පක්ෂ මූලස්ථානයේ දී මාධ්‍ය හමුවක් අමතමිනි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles