Friday, March 29, 2024

කොවිඩ් ආසාදනය වූ රාජ්‍ය සේවකයන්ට විශේෂ දැනුම්දීමක් මෙන්න

කොවිඩ් ආසාදනය වූ රාජ්‍ය සේවකයන්ට දැනුම්දීමක්
කොවිඩ් ආසදිතව ප්‍රතිකාර ගන්නා රාජ්‍ය නිලධාරීන් අග්‍රහාර රක්ෂණ යෝජනා ක්‍රමය යටතේ ප්‍රතිලාභ ලබා ගන්නේ නම් හිමිකම් අයැදුම්පත සමග ප්‍රතිකාර ලබා ගත් මාසයට පෙර මාස 03ක වැටුප් වාර්තා ඉදිරිපත් කළ යුතු බව ජාතික රක්ෂණ භාර අරමුදල ප්‍රකාශ කරයි.

ඊට අමතරව අදාළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් නිවෙස්ගතව ප්‍රතිකාර ලබා ගැනීම සම්බන්ධයෙන් නිකුත් කරන ලද රෝග නිශ්චය වාර්තාවෙහි සහතික කරන ලද පිටපතක් සහ පී.සී.ආර් හෝ ඇන්ටිජන් පරීක්ෂණ වාර්තාවේ සහතික කරන ලද පිටපතක් ඉදිරිපත් කළ යුතු වේ.

කොවිඩ් ආසාදනය වී වෛද්‍ය අධීක්ෂණය යටතේ නිවෙස්ගතව ප්‍රතිකාර ලබා ගැනීම වෙනුවෙන් අදාළ අග්‍රහාර සාමාජිකයාට පමණක් උපරිම දින 10ක් සඳහා ඔවුන් ලබා ගෙන ඇති රක්ෂණ යෝජනා ක්‍රමය අනුව ප්‍රතිලාභ ගෙවීමට අනුමැතිය හිමිව තිබේ.

මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ජාතික රක්ෂණ භාර අරමුදලේ නිල වෙබ් අඩවිය වන www.nitf.lk වෙත පිවිස ලබා ගත හැකි බවද එම අරමුදල සඳහන් කරයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles