කෝටි 3000 සතොස මූල්‍ය අක්‍රමිකතාව

0
369

පසුගිය රජය සමයේ සතොස සඳහා රුපියල් කෝටි 3000 කට අධික වටිනාකමෙන් යුත් භාණ්‌ඩ මිලදී ගැනීමේදී සිදුවී ඇතැයි කියන මහා පරිමාණ මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් පරීක්‌ෂණ පවත්වන මහා පරිමාණ වංචා විමර්ශනය සඳහා පත්කළ ජනාධිපති කොමිසම ලබන සතියේදී හිටපු ඇමැති ජොන්ස්‌ටන් ප්‍රනාන්දු මහතාගෙන් ප්‍රශ්න කිරීමට නියමිතය.සතොස සඳහා භාණ්‌ඩ ආනයනය කිරීමේදී මෙන්ම මෙරට නිෂ්පාදිත භාණ්‌ඩ මිලදී ගැනීමේදී මෙම මූල්‍ය අක්‍රමිකතාව සිදුවී ඇති බව ජනාධිපති කොමිසමේ ආරංචි මාර්ග කියා සිටියි.

ඊට අමතරව සතොස සඳහා ප්‍රචාරක නාම පුවරු ඉදිකිරීමේ දී ද විශාල මූල්‍ය අක්‍රමිකතාවක්‌ සිදුවී ඇති බව එම කොමිසම වැඩිදුරටත් කියා සිටියි.

මේ සම්බන්ධයෙන් පසුගිය රජය සමයේ සතොස ආයතනයේ රාජකාරී කළ ඉහළ නිලධාරීන් කීපදෙනකුගෙන්ද ප්‍රශ්න කිරීමටද නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here