පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා තමන් දැරූ සීතාවක ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති ධූරයෙන් ද ඉවත්ව තිබෙනවා.ඒ අද (22) පෙරවරුවේ දීයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සීතාවක ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සභාපති ලෙස උදය ගම්මන්පිල පත් කෙරුණු අතර, එම තනතුරිනුයි මන්ත්‍රීවරයා මෙලෙස ඉවත් වී ඇත්තේ.
ඒ සම්බන්ධයෙන් ලිඛිතව ජනාධිපතිවරයාට දන්වා ඇත.
මේ වනවිට බලශක්ති අමාත්‍ය ධුරයෙන් ද තමන් ඉවත් කර ඇති බැවින්, විධායක තනතුරක් වූ ඉහත තනතුරේ තවදුරටත් රැඳී සිටීම නුසුදුසු බව තමන් නිගමනය කරන බව මන්ත්‍රීවරයා තම ලිපිය මගින් පෙන්වා දෙයි.