Thursday, March 28, 2024

ගෑස් වල රසායනික අනුපාතය වෙනස් කරලා.. තැන තැන පුපුරන්නේ එනිසා.. සැම නිවසකම බෝම්බයක් තබාගෙන සිටිනවා සමානයි – තුෂාන් ගුණවර්ධන

මෙයාට භාවිතා කරන ගෘහස්ථ ගෑස් වල රසායනික අනුපාතය වෙනස් කර ඇති බව පාරිභෝගික සේවා අධිකාරිය හිටපු විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන මහතා සඳහන් කරයි.

දැන් නිවසේ බෝම්බයක් තබාගෙන සිටිනවා වැනි තත්ත්වයක් බවද පැවසූ ඔහු මේ වන විට තැන තැන ගෑස් සිලින්ඩර වැඩි වශයෙන් පුපුරායන්නේ මෙම රසායනික වෙනස නිසා බවද පැවසීය.

මෙරට ගෑස් වෙලදාමේ යෙදෙන ප්‍රධාන සමාගම් දෙකම එක් වී මෙම රසායනික වෙනස සිදු කළ බවද පැවසූ ඔහු එකල තමා විෂයභාර අමාත්‍ය දෙනාටම මේ බව පැවසුවද ඔවුන් එය ගණන් නොගත් බවත් චෝදනා කරයි.

මෙය වංචනික ක්‍රියාවක් බවත් මිනීමැරුමකට අනුබල දීමත් ඔහු කියා සිටියි.

අන්තර්ජාල නාලිකාව සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කරන ලදී.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles