Thursday, March 28, 2024

ගෑස් සංයුතිය වෙනස් කරලා – රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව තහවුරු කරයි

ගෑස් සිලින්ඩර් පිපිරීම සිදුවන්නේ ගෑස් පිරවීමේදී එහි සංයුතිය වෙනස් කිරීම නිසා බව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව තහවුරු කර ඇති බව වාර්තා වනවා.

ශ්‍රී ලංකාව නිවර්තන කලාපීය රටක් වන බැවින් ගෑස් සංයුතියේ අඩු ප්‍රොපේන් ප්‍රතිශතයක් හා වැඩි බියුටේන් ප්‍රතිශතයක් අඩංගු විය යුතුය. බියුටේන් 80% ක් සහ ප්‍රොපේන් 20% ක් අඩංගු විය යුතු බවයි රස පරීක්ෂණ දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ.

නිසි අනුමැතියකින් තොරව ලිත්‍රො හා ලාෆ් සමාගම් ගෑස් සංයුතිය වෙනස් කර ඇතැයි ද එම වාර්තාවේ සදහන්ය.

කෙසේ නමුත් මේ වනවිට භාවිතා කරන ගෑස් සිලින්ඩර්වල එම සංයුතිය 50:50 ලෙස වෙනස් කර ඇත්තේ කිසිඳු අනුමැතියකින් ද තොරව බව පාරිභෝගික අධිකාරිය කියයි.

මේ අතර එල්.පී. ගෑස්වල ප්‍රමිතිය පිළිබඳව ඇතැම් පාර්ශවයන් කරන සියලුම ප්‍රකාශ සාවද්‍ය මෙන්ම ජනතාව බියගැන්වීමේ අරමුණින් සිදු කරන ප්‍රකාශ බව ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම කියයි.

ලිට්‍රෝ ගෑස් සමාගමේ ගෘහස්ථ ගෑස් සිලින්ඩර මිලියන 6 කට ආසන්න ප්‍රමාණයක් ජනතාව අතර මේ වන විට තිබෙන බවත් එම සියලුම ගෑස් සිලින්ඩර ඉහළ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව නිකුත් කර ඇති බවත් ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම සඳහන් කළේය.

පසුගිය අප්‍රේල් මාසයේ සිට, සිලින්ඩරයක ගෑස් සංයුතිය SLSI අනුමැතියකින් තොරව Litro සහ Laugfs විසින් බුටේන් 80: Propane 20 සිට පිළිවෙලින් බුටේන් සහ ප්‍රොපේන් 50:50 දක්වා වෙනස් කරන ලදි. සිලින්ඩරවල කපාට කාන්දු වන බවට ලැබුණු පැමිණිලිවලට හේතුව එය බව පැවසේ.

මෙය බරපතල අනතුරක් විය හැකි බවත් දැනට සත්‍ය බව ඔප්පු වී ඇති බවත් ජීවිත හානි විය හැකි බවත් තමන්ගේ දැනුම් දීමට බන්දුල ගුණවර්ධන ලසන්ත අලගියවන්න යන ඇමතිවරුන් කිසිම ක්‍රියාමාර්ගයක් නොගත් බව පාරිභෝගික සේවා අධිකාරියේ හිටපු අධ්‍යක්‍ෂ තුෂාන් ගුණවර්ධන පැවසීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles