Thursday, April 25, 2024

ගිවිසුම්ගතව ඇත්තේ නිවි ෆෝට‍්‍රස් සමග නොවේ.. වෙනත් සමාගමක් සමගයි.. කවුරැත් සෙවූ ගිවිසුම සභාගත කරමින් අනුර කියයි

පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකර සඟවාගෙන සිටින යුගදනවි බලාගාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය සහ ඇමරිකාවේ නිව් ෆෝට්‍රස් එනර්ජි සමාගම සමඟ අත්සන් කෙරුණු ගිවිසුම තමා සභාගත කරන බව පවසමින් ජාතික ජන ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවට ඊයේ (10) ඉදිරිපත් කළේය.

ඒ මුදල් අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයට එක් වෙමිනි.

යුගදනවි බලාගාරයේ කොටස් ලබාදීම සඳහා ගිවිසුම්ගත අත්ව ඇත්තේ ඇමරිකානු නිවි ෆෝට‍්‍රස් සමාගම සමඟ නොව වෙනත් සමාගමක් සමග බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

කැබිනට් මණ්ඩලය පවා නොමඟ යවමින් මෙම ගිවිසුම අත්සන් තබා ඇත්තේ
එන් එෆ් සී ශ්‍රී ලංකා පවර් හෝල්ඩින් සමාගමක් සමග බව ඔහු පාර්ලිමේන්තුවේදී පැවසීය.

විපක්ෂය හැටියට අප මෙම ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නැයි නොයෙක් වර ඉල්ලීම් කළත් රජය හෝ විදුලිබල අමාත්‍යවරයා එය නොකළ බවත්, පාර්ලිමේන්තුවට තියා යුගදනවි බලාගාර ගිවිසුම කැබිනට් මණ්ඩලයට පවා ඉදිරිපත් කර නැති බවත් ඔහු සඳහන් කළේය.

“රටේ දේපළ අයිති මේරටේ මහජනතාවට,එහෙම නැතුව මේ රටේ දේපළ, මුදල් ඇමැතිවරයාට හෝ මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයාට පවරා නැහැ. ඒ නිසා මේ රටේ දේපළ පැවරීම සම්බන්ධයෙන් ජනතාවට තොරතුරු දැන ගැනීමට අයිතියක් තිබෙනවා” යැයි ඔහු පැවසීය.

යුගදනවි බලාගාරයේ කොටස් ඇමෙරිකානු සමාගමකට පැවරීම සම්බන්ධ ගිවිසුමේ පිටපතක් ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරුන් තමන්ගෙන් ඉල්ලා සිටි බවද අනුර දිසානායක මහතා සඳහන් කරයි.

මෙම ගිවිසුම ලබා දෙන්නැයි තොරතුරු දැනගැනීමේ පනත යටතේ අවස්ථා ගණනාවකදීම ඉල්ලීම් කළද එය නොලැබුණු බව සඳහන් කළ මන්ත්‍රීවරයා, රටේ මහජනතාවට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දැනගැනීමට තමා මෙම ගිවිසුම සභාගත කරන බවද සඳහන් කළේය.

මෙම වසරේ සැප්තැම්බර් මස 21 වැනිදා අත්සන් කර ඇති මෙම ගිවිසුම දෙපාර්ශවයේ එකඟතාවයකින් තොරව රටට ජනතාවට හෙළිදරව් නොකර සිටිය යුතු බවට වූ වගන්තියක් ඇතුළත්ව ඇති බවත් මේ රටේ දේපළ සම්බන්ධයෙන් එසේ කටයුතු කළ හැකි ප්‍රශ්න කරන බව ද මන්ත්‍රීවරයා පැවසීය.

තමන් විසින් එය පාර්ලිමේන්තුවේ සභා ගත කිරීමෙන් පසු බොහෝ කැබිනට් ඇමතිවරුන් තමන් අමතා එහි පිටපතක් ඉල්ලා සිටි බවද ඔහු පැවසීය.

මෙම ගිවිසුම මුදල් අමාත්‍යවරයා හැර වෙනත් කිසිම ඇමතිවරයකු දැන නොසිටි බවද පැවසූ මන්ත්‍රීවරයා ආණ්ඩුවට අමුතුවෙන් සභාගත කිරීමට කිසිදු ගිවිසුමක් නැති බවද මෙය අදාළ ගිවිසුෙම් සත්‍ය පිටපතක් බවද ඔහු කියා සිටියේය.

පසුව පාර්ලිමේන්තු සංකීර්ණයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව පැවසීය.

එම ගිවිසුමේ රහස්‍යභාවය හා ප්‍රකාශනය පිළිබඳ කරුණු ඇතුළත් 13.1 (a) වගන්තියේ දැක්වෙන්නේ මෙම ගිවිසුම අත්සන් කර වසර 02ක් ගතවන තුරු ඊට අදාළ කිසිදු පාර්ශ්වයක්, අනෙක් පාර්ශ්වයේ ලිඛිත අවසරයකින් තොරව එම ගිවිසුමෙහි කොන්දේසි සහ හුවමාරු කරගත් වෙනත් කිසිදු ලියකියවිල්ලක් හෝ ඊට අදාළ කරුණු හෙළි නොකළ යුතුය යන්නය.

13.3 වගන්තියට අනුව සඳහන් වන්නේ කිසිදු පාර්ශ්වයක් අනෙක් පාර්ශ්වයේ ලිඛිත කැමැත්තකින් තොරව ගිවිසුම සම්බන්ධයෙන් වූ අදහස් හුවමාරු කරගැනීම් එහි කොන්දේසි පිළිබඳව පුවත්පත් නිවේදන හෝ වෙනයම් හෝ නිවේදනයක් නොකළ යුතුය යන්නය.මෙ

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,

“ශ්‍රී ලංකා රජය සහ නිව් ෆෝට්‍රෙස් එනර්ජි සමාගම අතර, අත්සන් කරනු ලැබු ගිවිසුම මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කියලා අවස්ථා ගණනාවක දී කිව්වා. භාර අමාත්‍ය ගාමිණී ලොකුගේ මහත්මයා එළැඹෙන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කිව්වා. නමුත් එතැන් සිට ඔහු පාර්ලිමේන්තුවේ ඉන්න බවත් මා දැක්කේ නෑ. හැබැයි මා දන්නා පරිදි ඒ ගිවිසුම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වෙලත් නෑ. පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙලත් නෑ. අද මුදල් අමාත්‍යාංශ විවාදයේ දී ඒක වැදගත් ලෙස අපි සාකච්ඡාවට බඳුන් කළ යුතුව තිබෙනවා. නමුත් මා සතුව ඒ ගිවිසුම තිබෙනවා. ඒකේ සේලර් හැටියට ශ්‍රී ලංකා ආණ්ඩුවත් බයර් හැටියට එන් එෆ් සී ශ්‍රී ලංකා පවර් හෝල්ඩින් සමාගමත් අත්සන් කරපු ගිවිසුමක්. මේ ගිවිසුම තමයි මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කියලා අපි අවධාරණය කළේ. ඒ මොකද මේක පෞද්ගලික දේපළක් පවරාදීම් පිළිබඳ ගිවිසුමක් නෙමෙයි. මේක රටේ බලශක්ති ක්ෂේත්‍රයත් මේ වෙනවිටත් රජය ආයතන ගණනාවකට හිමිව තිබෙන කෙරවලපිටිය බලාගාරයත් අමෙරිකානු සමාගමක් වෙත පවරා දීම සඳහා අත්සන් කරනු ලද ගිවිසුමක්. හැබැයි තමුන්නාසේලා දිගින් දිගටම මාස එකහමාරකට වඩා වැඩි කාලයක් මේ ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කියලා කිව්වත් මේ ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ නෑ. ඒ නිසා ගරු කථානායකතුමනි මම ඒ ගිවිසුම සභාගත කරනවා. කැබිනට් මණ්ඩලයෙන් අවසර දෙනවා නිව් ෆෝට්‍රෙස් එනර්ජි සමාගම සමග ගිවිසුම අත්සන් කරන්න. හැබැයි තමුන්නාසේලා අත්සන් කරලා තියෙන්නේ එන් එෆ් සී ශ්‍රී ලංකා පවර් හෝල්ඩින් කියන සමාගම සමග. කැබිනට් මණ්ඩලයෙන් බලය දුන්නේ නිව් ෆෝට්‍රෙස් එනර්ජි සමාගම සමග අත්සන් කරන්න නමුත් අත්සන් කරලා තියෙන්නේ වෙනත් ව් ෆෝට්‍රෙස් එනර්ජි සමාගම ට අනුබද්ද හෝල්ඩින් සමාගමක් සමග. ඒ නිසා සම්පූර්ණයෙන්ම මේක කැබිනට් මණ්ඩලය නොමඟ යැවීමක්”

මෙම ගිවිසුම සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළ විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු මහතා,

“මේ ගිවිසුම උසාවිය හරහා අපිට ලැබුණා. අපේ අතට පත්වෙච්ච ඒ ගිවිසුමේ තියෙන විදිහට රටේ තියෙන සියලුම බලාගාරවලට LNG සැපයීමේ ඒකාධිකාරය ඒ අයට ලැබෙනවා. පළමු අදියර සම්පූර්ණ වෙන්න ශ්‍රී ලංකා LNG ගෑස් යනුවෙන් ආයතනයක් හදන්න ඕනේ ඒ ගිවිසුමේ තියෙන විදිහට. ඒක රජය සතු සමාගමක්. ඒ සමාගමත් එක්ක නිව් ෆෝට්‍රස් සමාගම ගිවිසුමක් අත්සන් කරන්න ඕන. නිව් ෆෝට්‍රස් සමාගමට LNG සපයන්න දෙන බවට. ඒ ටික සම්පූර්ණ වුණාම තමයි අර අමෙරිකානු ඩොලර් මිලියන 250න් 187ක් ලැබෙන්නේ. දෙවැනි අදියරේ වැදගත්ම කාරණය තමයි ලංකාවේ සියලුම බලාගාරවලට LNG ලබාදීමේ ඒකාධිකාරය ලබාදිය යුතුයි. දෙවැනි අදියර සම්පූර්ණ වුණාම අමෙරිකානු ඩොලර් මිලියන 250ම ලැබෙනවා.දෙවැනි අදියර සම්පූර්ණ කරන්න බැරි වුණොත් මුලින් ලබාගත්ත අමෙරිකානු ඩොලර් මිලියන 187 නැවත ඒ අයට ලබාදෙන්න ඕන. ඒක දූෂිත ගනුදෙනුවක්.

අදාළ ගිවිසුම පහතින්,

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles