Friday, March 29, 2024

චරිත් සේනානායක ගෙදර යවයි!

ශ්‍රී ලංකා ක්‍රිකට් ඒ කණ්ඩායමේ කළමණාකරු ලෙස කටයුතු කළ චරිත් සේනානායක වහාම ක්‍රියාත්මකවන පරිදි එම ධුරයෙන් ඉවත් කර තිබෙනවා.

ඒ නෙත් එෆ් එම් බැලුම්ගල වැඩසටහනක් වෙනුවෙන් කල අදහස් දැක්වීමක් පාදක කරගනිමින්.

ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත එල්ලවන කිසියම් අන්තවාදී ආගමික කණ්ඩායමක බලපෑම් සම්බන්ධයෙන් මෙම වැඩසටහනේදී අනාවරණය කෙරුණා.

තමන් මෙම අවධානම පිළිබඳ මීටපෙර අනාවරණය කල බවත්, ඒ මොහොතේදී බලධාරීන් ඒ පිළිබඳ නිසි අවධානයක් යොමු නොකළ බවත් චරිත් සේනානායක ප්‍රකාශ කලා.

ක්‍රීඩකයන් කණ්ඩායමට තේරීම වැනි කටයුතුවලට මෙම ආගමික අන්තවාදීන්ගේ බලපෑම් එල්ල වුවහොත් එය ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතයට දැඩි බලපෑමක් වනු ඇතිබවයි ඔහු එහිදී වැඩි දුරටත් අනාවරණය කළේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles