Friday, April 19, 2024

චීනයට ගෙවීමට තිබෙන
ඩොලර් මිලියන 130 ක ණයමුදල ගෙවන්න බැරිවෙයි


පවතින විදේශ විනිමය අර්බුදය හේතුවෙන්, මාර්තු මාසයේ 20 වන දා චීනයට ගෙවීමට තිබෙන ඇමරිකානු ඩොලර් මිලියන 130 ක
ණය මුදල ගෙවීමට නොහැකි තත්ත්වයක් උද්ගත ව ඇතැයි, අද වෙළදපොලට නිකුත්ව තිබෙන අනිද්දා පුවත්පත වාර්තා කරයි.

නිශ්චිත දිනයේ දී ණය ආපසු ගෙවීමට නොහැකි බව චීනයට දැනුම් දීම සදහා සාකච්ඡුා සිදුවෙමින් පවතින බවද පුවත්පත පවසයි.

මෙම ණය මුදලෙන් ඩොලර් මිලියන 53 ක මුදලක් චීන සංවර්ධන බැංකුවට ගෙවීමට ඇතැයි වාර්තාවන අතර තවත් ඩොලර් මිලියන 17 ක ප‍්‍රමාණයක් ජන සම්පාදන ව්‍යාපෘතියක් වෙනුවෙන් ගත් ණයක් වෙනුවෙන් ගෙවීමට ඇති බව පැවසේ. ඉතිරි ඩොලර් මිලියන 60 කට ආසන්න ප‍්‍රමාණය චීන යූආන්වලින් ගත් ණයකි.

මාර්තු විසිවනදා වන විට මෙම ණය මුදල පියවීමේ හැකියාව ලංකාව සතුව තිබී නැතත්, ඇමරිකානු ඩොලර් මිලියන 70 ක පමණ මුදල් මාර්තු 16 වන දා වන විට තිබී ඇති අතර, එම මුදල් ප‍්‍රමාණය ගෑස් නැවක් නිදහස් කර ගැනීමට ගෙවීමට සිදුව ඇති බැවින් එම මුදලද මුදල් අමාත්‍යංශයට අහිමි වී තිබෙන බව පුවත්පත වාර්තා කරයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles