Thursday, April 18, 2024

චීනය නැවත වසයි! ශ්‍රී ලංකාව නැවත මුඛාවරණ පැළඳීම අනිවාර්ය කරයි..

චීනය යලිත් කොරෝනා අවදානමකට මුහුණ පා තිබෙනවා. ඒ, කොරෝනා වෛරසය ප්‍රථම වරට වාර්තා වූ චීනයේ මධ්‍යම නගරය වන වුහාන්හි උප නගරයක මිලියනයකට ආසන්න පිරිසක් නිවෙස්වලට සිර කරමින් ලොක් ඩවුන් කිරීමත් සමඟයි. මෙම ප්‍රදේශයෙන් රෝග ලක්ෂණ නොමැති කොවිඩ් රෝගීන් අනාවරණය වීම මෙම තත්ත්වයට ප්‍රධාන හේතුව වී තිබෙනවා.

චීනය යනු වෙනත් රටවලට සාපේක්ෂව ගත් කළ වැඩි වශයෙන් කොවිඩ් පරීක්ෂණ, දැඩි හුදකලා නීති සහ අගුලු දැමීම් ඇතුළුව ”ශුන්‍ය කොවිඩ්” උපාය මාර්ග අනුගමනය කරන රටක්. 

ඒ අනුව මිලියන 12 ක ජනගහනයක් සිටින නගරයක් වන වුහාන් හි, නිතිපතා පරීක්ෂණ මගින් දින දෙකකට පෙර රෝග ලක්ෂණ නොමැති රෝගීන් අනාවරණය වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

2020 මුල් භාගයේදී වුහාන් නගරය, ලොව පුරා ප්‍රසිද්ධියට පත් වූයේ විද්‍යාඥයින් විසින් කොරෝනා වෛරසය හඳුනාගත් පළමු ස්ථානය ලෙස ප්‍රකාශයට පත් වීමත් සමඟයි.

ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මුව ආවරණ පැළඳීමට අදාළ රෙගුලාසි සංශෝධනය කර තිබෙනවා.

ඒ අනුව මහජන රැස්වීම්වලදී, ප්‍රසිද්ධ ස්ථානවල, ගෘහස්ථ ස්ථාන තුළ සිටින විට සහ පොදු ප්‍රවාහන සේවාවල ගමන් කිරීමේදී මුව ආවරණ පැළඳීම නිර්දේශ කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පවසනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles