Friday, April 19, 2024

චීන පොහොර තොගයට මුදල් ගෙවීම වළක්වාලමින් නිකුත් කළ වාරණ නියෝගය දීර්ඝ කෙරේ

චීනයේ චින්දාවෝ සීවින් බයෝටෙක් සමාගමේ බැක්ටීරියා අඩංගු කාබනික පොහොර තොගයට අදාළ ණයවර ලිපි සඳහා මුදල් ගෙවීම වළක්වමින් මහජන බැංකුවට පනවා තිබූ වාරණ නියෝගය ලබන 30 වැනි දා දක්වා දීර්ඝ කිරීමට කොළඹ වාණිජ මහාධිකරණ අද (19) නියෝග කළේය.

ඒ අනුව මේ මස 30 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙසයි කොළඹ වාණිජ මහාධිකරණය නියෝග කර තිබෙන්නේ

ලංකා පොහොර සමාගම සහ කොළඹ කොමර්ෂල් පොහොර සමාගම චීන කාබනික පොහොර ගනු දෙනුවට අදාළ ගොනු කළ නඩු දෙක අද නැවතත් සලකා බැලුවේ කොළඹ වාණිජ මහාධිකරණයේ විනිසුරුවරුන් වන ප්‍රදීප් හෙට්ටිආරච්චි සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන් හමුවේ ය.

මෙම නඩුවට අදාළව චීන සමාගමේ දේශීය නියෝජිතයා විසින් අද කොළඹ වාණිජ මහාධිකරණය හමුවේ ලිඛිත විරෝධතා ගොනු කර තිබේ.

චීන කාබනික පොහොර තොගයේ අහිතරකර බැක්ටිරියා ඇතැයි මෙරට ශාක නිරෝධයන සේවය අවස්ථා දෙකකදී තහවුරු කිරීමත් සමග එම පොහොර තොගය ප්‍රතික්ෂේප කිරීමට කෘෂිකර්ම අමාත්‍යංශය තීරණය කළේය.

ඊට අදාළ විවෘත කළ ණයවර ලිපි සඳහා මුදල් ගෙවීම අත්හිටුවන නියෝගයක් ඉල්ලා රජයේ පොහොර සමාගම් දෙක කොළඹ වාණිජ මහාධිකරණයට ගියේ ඉන් අනතුරුවයි.

කෙසේ වෙතත් චීන කාබනික පොහොර මෙට්‍රික් ටොන් 20,000ක් රැගෙන පැමිණි හිපෝ ස්ප්‍රිටිට් නෞකාව තවමත් මෙරට මුහුදු සීමාවට සමීපයේ රැදී සිටී.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles