Wednesday, April 24, 2024

NEWS JUST IN – ජනාධිපතිවරයාගේ මිරිහානේ පිහිටි නිවස අසල උද්ඝෝෂණයක්

පවතින අර්බුදවලට විසඳුම් ඉල්ලා මිරිහානේ පිහිටි ජනපති නිවසට ඇතුළුවල ප්‍රවේශ මාර්ගය අවහිර කරමින් මේ වන විට මහජන විරෝධතාවක් පැවැත්වෙනවා.

මේ වන විට පොලිස් මාර්ග බාධක යොදා එම පාර අවහිර කර ඇති අතර ජනතාව එම ස්ථානයේ විරෝධතාවයේ නිරත වනවා.

මෙලෙස ජනතාව විසින් අවහිර කර තිබෙන්නේ ජනාධිපතිවරයාගේ නිවසට ප්‍රවේශ වෙන මිරිහාන, පැඟිරිවත්ත පාරයි.

එම ඇතුළු වන මාර්ගයට දැඩි පොලිස් ආරක්ෂාවක් ලබාදී ඇති බව වාර්තා වෙනවා.

ඒ සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය ද කැඳවා ඇති බවයි වාර්තා වන්නේ.

ජනාධිපතිවරයාගේ නිවසට ඇතුළු වන මාර්ගයට පොලිස් මාර්ග බාධක යොදා ආරක්ෂාව ලබාදී තිබෙනවා.

මේ හේතුවෙන් මාර්ග අංක 119 මහරගම – නුගේගොඩ මාර්ගයේ දැඩි වාහන තදබදයක් ද ඇතිව තිබෙනවා.

විරෝධතාකරුවන් පැයකට අධික කාලයක් එම ස්ථානයේ උද්ඝෝෂණයක නිරතව සිටින බවත් වාර්තා වෙනවා.

කිසිඳු දේශපාලන පක්ෂයකට අයත් නොවන තරුණ ප්‍රජාව විසින් මෙය සංවිධානය කර තිබුණු අතර විශාල තරුණ පිරිසක් මේ සඳහා එක්ව තිබෙනවා.

මෙහිදී “මූසලයා ගෙදර පල”, “ගෝඨා ගෝ හෝම්” යනුවෙන් විවිධ උද්ඝෝෂණ පාඨ ද ජනතාව කියනු අයුරු දක්නට ලැබෙනවා.

මාර්ගයේ යන වාහනද නලා හඬවමින් විරෝධයට එක් වන අයුරු දැකිය හැකියි.

මේ වන විට එම ස්ථානය අවට දැඩි පොලිස් ආරක්ෂාවක් ද පනවා තිබෙනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles