Friday, April 26, 2024

ජනාධිපති නීතිඥයින් පත්කිරීම සඳහා නව මාර්ගෝපදේශ මාලාවක් ඇතුළත් නව ගැසටි පත්‍රයක් නිකුත් කෙරේ

ජනාධිපති නීතිඥවරුන් පත්කිරීම සම්බන්ධයෙන් වන මාර්ගෝපදේශ ඇතුළත් නව ගැසට් පත්‍රයක් ප්‍රකාශයට පත්කර තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිවරයාට පැවරී ඇති බලතලවලට අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අනුමත කරන ලද මාර්ගෝපදේශ ජනාධිපති ලේකම් පි.බි.ජයසුන්දර මහතා විසින් විශේෂ ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත්කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව මින් ඉදිරියට ජනාධිපති නීතිඥයෙකු පත්කිරීමේ දී එම මාර්ගෝපදේශ අනුගමනය කළ යුතුය.

නව මාර්ගෝපදේශවලට අනුව ජනාධිපති නීතීඥයින් පත්කිරීම උපරිම වශයෙන් වසරකට එක් කණ්ඩායමකට සීමා කර ඇති අතර වසරකට පත්කරනු ලබන ජනාධිපති නීතිඥවරුන්ගේ සංඛ්‍යාව 10 නොයික්මවිය යුතු බව ප්‍රකාශ කර තිබේ.

එම මාර්ගෝපදේශවලට අනුව වසරකට ජනාධිපති නීතිඥයින් පත්කිරීම එක් කණ්ඩායමකට පමණක් සීමා කළ යුතු අතර වසරක් තුළ පත්කරනු ලබන ජනාධිපති නීතීඥයින්ගේ සංඛ්‍යාව 10 නොඉක්මවිය යුතු බව සඳහන් වේ.

ඒ අනුව මාර්ගෝපදේශ 14ක් එම නව ගැසට් පත්‍රය මඟින් ජනාධිපති ලේකම් පි.බි.ජයසුන්දර මහතා විසින් ප්‍රකාශයට පත්කර ඇති අතර මින් ඉදිරියට ජනාධිපති නීතිඥයෙකු පත්කිරීමේ දී එම මාර්ගෝපදේශ අනුගමනය කළ යුතු බවයි එහි දැක්වෙන්නේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles