Tuesday, April 16, 2024

ඩොලරලුත් නෑ… ඉන්ධන ගේන්නත් බැරිවෙයි.. මුළු රටම නතර වෙයි. ආහාර හිගයකට මුහුණ දීමට සූදානම් විය යුතුයි – බන්දුල ගුණවර්ධන

ඉදිරියේදී ආහාර හිඟයක් ඇතිවිය හැකි බැවින් ඒ සදහා කල්තියා සූදානම් වියයුතු බව වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසා සිටි.

ලෝකයේ වැඩිම ජනගහණයක් වාසය කරන චීනයේ පවා ආහාර හිගයක් පිළිබද නිවේදන රටවැසියන්ට නිකුත් කර ඇති බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

තවද මෙරටට විදේශයන්ගෙන් භාණ්ඩ ආනයනය කිරීම සඳහා ඩොලර් විශාල හිගයක් ඇති වී තිබෙන බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

ඩොලර් උපයාගැනීම සඳහා ඩොලර් මුද්‍රණය කිරීමේ කිසිදු හැකියාවක් ශ්‍රී ලංකාවට නැති බවද පැවසූ අමාත්‍යවරයා මෙම අර්බුදයෙන් ගැලවීම සඳහා විදේශයන්හි සිටින ශ්‍රී ලාංකිකයන් හැකි තරම් ඩොලර් මවුබිමට එවන්නැයි ආරාධනා කර සිටින බවද කියා සිටියේය.

මෙරට ඩොලර් සංචිත ඉහළ නොගියොත් විදේශයන්ගෙන් භාණ්ඩ ආනයනය කිරීම සඳහා කිසිදු ණයවර ලිපියක් නිකුත් කළ නොහැකි තත්ත්වයට රට පැමිණ ඇතැයිද ඔහු කියා සිටියේය.

මෙම තත්වය යටතේ ඉදිරියේදි සහල් පිටි සීනි පමණක් නොව ඛනිජ තෙල් පවා ආනයනය කර ගැනීමට නොහැකි වුවහොත් මුළු රට ම නතර වනු ඇතැයිද ඔහු පැවසීය


මුළු ලෝකය පුරාම සමස්ත රටවල් තුළ නිෂ්පාදනය, සැපයුම් ජාල කඩා වැටී බඩගින්න, මන්දපෝෂණය වැඩි වී ඇති මෙවන් විටෙක මෙම වෛරසයෙන් ආරක්ෂා වීමට සෑම රටක්ම කටයුතු කරමින් සිටියදී, වෛරසය පැතිරීම පදනම් කරගෙන උද්ගෝෂණ කරන එකම රට බවට ශ්‍රී ලංකාව පත් කිරීමට විපක්ෂය කටයුතු කර ඇති බව ද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
දැවැන්ත ලෝක බලවතුන් කඩා වැටෙද්දී, පිරිමැසුම් දායීව කටයුතු කරමින් මෙරට ජනතාව රැක ගැනීමට හැකි සෑම පියවරක්ම ගන්නා බවත්, ඒ අනුව ජනතාවගේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ගුණාත්මක බවින් ඉහළ හා අවම මිල ගණන් යටතේ භාණ්ඩ අලෙවි කිරීමටත් මෙම අරමුණ සාක්ෂාත් කරගැනීම සඳහා ඉදිරි වසර තුළ ලංකා සතොස අළෙවි ශාඛා1000ක් දක්වා වර්ධනය කරනු ලබන බවත් ඇමතිවරයා ප්‍රකාශ කළේය.


නව සතොස ශාඛා 25 ක් විවෘත කිරීමේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් ඊයේ දිනයේදී වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව සඳහන් කළේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles