Thursday, April 25, 2024

ඩොලර් නැති නිසා බරපතල ඉන්ධන ආනයන අර්බුදයක – ඉන්දියාවෙන් ඩොලර් කෝටි 50 ක ණයක් ගන්න යයි

බරපතල අර්බුදයකට ලක්ව තිබෙන ඉන්ධන ආනයනය කිරීම සඳහා ඉන්දියාවෙන් ඩොලර් කෝටි 50ක හදිසි ණයක් ලබා ගැනීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව ඉන්දීය රජය සමග රජයේ ඉහළ පෙළේ නායකයින් මේ වන විටත් සාකච්ඡා ආරම්භ කර ඇත.

ඩොලර් අර්බුදය හේතුවෙන් ඛණිජ තෙල් සංස්ථාව ඉන්ධන ආනයනය කිරීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රමාණය සොයා ගැනීමට නොහැකිව දැඩි අර්බුදකාරී තත්ත්වයට පත්ව ඇත.

බොරතෙල් ආනයනය සඳහා ඩොලර් නොමැතිවීම හේතුවෙන් පසුගියදා සපුගස්කන්ද පිරිපහදුව වසා දමනු ලැබුවේ දින ලැබීය.

මෙරටට මසකට අවශ්‍ය ඉන්ධන ප‍්‍රමාණය සදහා ඩොලර් මිලියන 350ක් අවශ්‍ය බව බලශක්ති අමාත්‍ය උදය ගමිමන්පිල පසුගියදා කැබිනට් රැස්වීමෙිදී පවසා ඇත.

එම මුදල සොයාගැනීම බරපතල අර්බුදයක් වී ඇතැයි ද ඔහු එහිදී සඳහන් කර ඇත .

බොරතෙල් ආනයනය සඳහා ඩොලර් නොමැතිවීම හේතුවෙන් පසුගියදා සපුගස්කන්ද පිරිපහදුව වසා දමනු ලැබුවෙිය.


මේ කරුණු සැලකිල්ලට ගැනීමෙන් ඉන්ධන ආනයනය සඳහා ඩොලර් කෝටි 50 ක හදිසි ණයක් ඉන්දියාවෙන් ලබා ගැනීමට රජය තීරණය කර ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙි පිළිබඳව අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසුවෙි ඉන්දියාවෙන් හදිසි ණයක් ලෙස ඉල්ලුවේ මේ මාසයේ ඉන්ධන ලබා ගැනීම සඳහා බවයි.

වසර ගණනාවක් තිස්සේ මෙරට පාලනය කළ සියලු රජයවල් විදේශයන්ගෙන් ආනයනය සඳහා ඩොලර් පිට කිරීමේ ප්‍රතිඵලය ලෙස අද මෙම තත්ත්වය උදාවී ඇති බවද ඇමතිවරයා කීය.

උත්සව අවස්ථාවකදී ඒ මහතා මේ බව කියා සිටියේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles