Friday, March 29, 2024

ණයවර ලිපි විවෘ​ත කරන්න ඕනේ පොහොර ගැ​න පරීක්ෂා කරලයි

චීන පෙහොර නැව මෙරටට පැමිණීමට අදාල ණයවර ලිපි විවෘ​ත කර ඇත්​තේ නියමිත පරීක්ෂණයකින් තොරව බව රාජ්‍ය ඇමති දුමින්ද දිසානායක පවසා සිටියි.

මාධ්‍ය වෙත වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය ඇමති….

“මං හිතන්නේ හැමෝටම අමතක වෙලා තියෙනවා චීනේ නැව ගේන්නේ කොහොමද කියන කාරණය පිළිබඳව.ලංකාවෙන් අපි ණයවර ලිපි විවෘත කරලා තියෙනවා. ණයවර ලිපි විවෘත කරලා තියෙන්නේ පරීක්ෂණය කරලද නැද්ද කියන එක අපේ ඇතුලේ තියෙන ප්‍රශ්නයක්. අපි කොහොමද ණයවර ලිපි විවෘත කරන්නේ නියමිත පරීක්ෂණයක් කරන් නැතුව.ඒ නිසා චීනෙට දොස් කියන්න බෑ,වෙන කාටවත් දොස් කියන්න බෑ. ලංකාවට ගේන්න පුලුවන්ද බැරිද,ලංකාවට සුදුසුද නැද්ද,අනපනත් වලට යටත්ද කිය​න බලන්න ඕන කම තියෙන්නේ ණයවර ලිපි විවෘත කරන්න කලින්.”

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles