Saturday, April 20, 2024

තලේබාන්ලාගේ වැඩවලින් සංගීත ශිල්පීන් බඩගින්නේ.

සියලුම ආකාරයේ සංගීත කටයුතු තහනම් කිරීමට තලේබාන් සංවිධානය කටයුතු කිරීම හේතුවෙන් ඇෆ්ගනිස්තානයේ සංගීත ශිල්පීන්ට රැකියා අහිමි වී මහත් දුෂ්කරතාවයන්ට මුහුණදීමට සිදුව ඇති බව වාර්තා වේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, විවාහ උත්සව, සාද , ඇතුළු අවස්ථා සදහා සංගීතය සපයමින් ජීවත් වූ දහස් ගණනක් ගායකයන්, වාදකයන් ඇතුළු සංගීත ශිල්පීන් ඇෆ්ගනිස්තානය පුරා ජීවත් වූ බවයි.

එහෙත් , තලේබාන් සංවිධානය බලයට පත්වීමත් සමග සියලු ආකාරයේ සංගීත කටයුතු තහනම් කර තිබේ.

තහනම පැනවීමේදී සංගීත ශිල්පීන්ට වෙනත් ජීවනෝපායක් සලසන බවට තලේබාන් සංවිධානය පොරොන්දු වුවත් එය ඉටුකර නොමැති බව විදෙස් වාර්තා වැඩිදුරටත් සදහන් කරයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles