Friday, March 29, 2024

ප්‍රශ්නගත චීන පොහොර නැවට ඩොලර් මිලියන 6.7 ක් ගෙවන්න රජය තීරණය කරයි

ශ්‍රී ලංකාව ආසන්නයේ නැංගුරම්ලා තිබෙන චීනයේ සිට මෙරටට පොහොර තොගයක් රැගෙන ආ නෞකාවේ පොහොර තොගයට ඩොලර් මිලියන 6.7 ක මුදලක් ගෙවීමට ශ්‍රී ලංකා රජය තීරණය කර ඇත.

සන්ඩේ ටයිම්ස් පුවත්පත වෙත කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කර ඇත්තේ අදාල පොහොර තොගයේ වටිනාකමින් 75% ක් ගෙවා එම ගැටලුව විසඳීමට සූදානම් බවයි.

ඒ අනුව මෙය මේ පිළිබඳව කැබිනට් අනුමැතිය ඉල්ලා යෝජනාවක් ඉදිරිපත් කරන බවද අමාත්‍යවරයා පවසා ඇත.

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් ප්‍රකාශ කර ඇත්තේ අදාල පොහොර තොගයේ වටිනාකමින් 75% ක් ගෙවා එම ගැටලුව විසඳීමට සූදානම් බවයි.

මේ හේතුවෙන් චීනය සමඟ රාජතාන්ත්‍රික ගැටළුවක් ඇති කරගැනීමට අවශ්‍යතාවයක් නැති බවත් මේ පිළිබඳව කැබිනට් අනුමැතිය ඉල්ලා යෝජනාවක් ඉදිරිපත් කරන බවද අමාත්‍යවරයා පවසා තිබේ.

වලංගු බලපත‍්‍රයක් නොමැතිව චීන සමාගම මෙරටට පොහොර තොගය එවා ඇති බව ශ‍්‍රී ලංකා රජය පවසන අතර, ණයවර ලිපි නිකුත් කර තිබුණු බැවින් පොහොර තොගය එවූ බව චීනය පවසා සිටීයා. මෙම පොහොර තොගය ආපසු ගෙන ගොස්, සාම්පල පරීක්ෂා කිරීමෙන් පසුව නැවත පොහොර සැපයීමට පොහොර සමාගම එකග වී ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ පවසා තිබෙනවා.

ඒ අනුව චීන පොහොර සමාගමට ඩොලර් මිලියන 6.7 ක් ගෙවා, දැනට මතුව තිබෙන අර්බුදය විසදා ගැනීමට රජය කටයුතු කරමින් සිටින බව වාර්තා වනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles