Friday, April 19, 2024

තිදෙනෙකුගේ සමුගැනීම්….!

අමෙරිකාවේ අර්ත්, වින්ඩ් සහ ෆයර් සංගීත කණ්ඩායමේ හිටපු ඩ්‍රම්ස් වාදකයෙකු වන ෆ්‍රෙඩ් වයිට් මියගොස් තිබේ.

චිකාගෝ හී උපත ලද ෆ්‍රෙඩ් වයිට් මියයන විට 67 හැවිරිදි වියේ පසු වූණි.

ෆ්‍රෙඩ් වයිට්ගේ මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ෆ්‍රෙඩ් වයිට් වයස අවුරුදු 09දී ඩ්‍රම්ස් වාදනය ආරම්භ කළ අතර 1974 වර්ෂයේදී ඔහු අමෙරිකාවේ අර්ත්, වින්ඩ් සහ ෆයර් සංගීත කණ්ඩායමට සම්බන්ධ වුණි.

අර්ත්, වින්ඩ් සහ ෆයර් සංගීත කණ්ඩායම ග්‍රැමී සම්මාන 06ක්, අමෙරිකානු සංගීත සම්මාන 04ක් දිනාගෙන තිබේ.

ඒ අතර බටහිර සංගීත ලෝකයේ අමරණීය මිනිසෙකු වන රොක් ඇන්ඩ් රෝල් සංගීතයේ රජු එල්විස් ප්‍රෙස්ලිගේ දියණිය අභාවප්‍රාප්ත වී තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ ගායන ශිලිපිනියක් වන ලීසා ප්‍රෙස්ලියි.

ඇය මියයන විට 54 හැවිරිදි වියේ පසුවිය.

කැලිෆෝනියාවේ ජීවත් වූ ලීසා ප්‍රෙස්ලි හෘදයාබාධයක් හේතුවෙන් මියගිය බව ඇයගේ මව තහවුරු කළේය. ඇය අවසානවතාවට පසුගියදා පැවැත්වූ ග්‍රැමී සම්මාන උළෙලටද සහභාගී වූවාය.

එසේම ලෝක ප්‍රකට ගිටාර් වාදක ජෙෆ් බෙක් අභාවප්‍රාප්ත වී තිබේ.

ජෙෆ් බෙක් මිය යන විට 78 වන වියේ පසු වුණි.

1963 වසරේදී ලන්ඩනයේදී ආරම්භ කළ යාඩ්බර්ඩ්ස් සංගීත කණ්ඩායමෙන් සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළේය.

එමෙන්ම ඔහු රෝලිං ස්ටෝන් සඟරාවේ ලොව ශ්‍රේෂ්ඨතම ගීටාර් වාදකයින් සිය දෙනා අතර පස්වන ස්ථානයේ පසු වුණි.        

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles