Thursday, March 28, 2024

තිස්ස කුට්ටිආරච්චිට කථානායකගෙන් දැඩි අවවාද ! කුට්ටිආරච්චිට අවවාද දුන්නත් වරද පිළිනොගනී – අනෙක් අය වල් විදිහට හිතුවාට තමා වල් නැහැලු

අශෝභන වචන භාවිත කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට මෙන් ම කාන්තා පාර්ශවයට අපහාස සිදු වන අයුරින් පාර්ශවයට අපහාස සිදු වන ප්‍රකාශ සිදු කිරීමෙන් වැළකී සිටින ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක තිස්ස කුට්ටිආරච්චිට කථානායක මහින්ද යාපා අබේවර්ධන අද පාර්ලිමේන්තුවේදී දැඩි ලෙස අවවාද කළා.

ඒ, එම මන්ත්‍රීවරයා පසුගිය සෙනසුරාදා අයවැය කතාවේ දී සිදු කළ ප්‍රකාශයක් තුළින් කාන්තා පාර්ශවයට අපහාසයක් සිදු වන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී විජේරත්න ඊයේ නැගූ වරප්‍රසාද ප්‍රශ්නය සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.

පාර්ලිමේන්තු‍ මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි කාන්තාවන්ට අපහාස කරමින් පාර්ලිමේන්තු සභා ගර්භයේ දී සිදුකළ අශෝභන කතාව සම්බන්ධයෙන් තමාගේ කණගාටුව ප්‍රකාශ කරන බවයි පාර්ලිමේන්තුව ආරම්භ වීමත් සමඟ සභාව අමතමින් කතානායකවරයා සඳහන් කළේ.

ඒ, එම මන්ත්‍රීවරයා පසුගිය සෙනසුරාදා අයවැය කතාවේ දී සිදු කළ ප්‍රකාශයක් තුළින් කාන්තා පාර්ශවයට අපහාසයක් සිදු වන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී විජේරත්න ඊයේ නැගූ වරප්‍රසාද ප්‍රශ්නය සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.

දිගින් දිගටම මෙවැනි කටයුතු සිදුවන්නේ පාර්ලිමේන්තු ස්ථාවර නියෝග යටතේ කටයුතු කිරීමට තමන්ට සිදුවන බවයි කථානායකවරයා මෙහිදී ප්‍රකාශ කර සිටියේ.

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් කථානායකවරයා දැඩි තීන්දුවකට එළඹිය යුතු බව පවසමින් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු සභා ගර්භය මධ්‍යයට පැමිණ කෙටි වේලාවක් විරෝධය පළ කරනු ලැබුවා.

මේ සියල්ලන්ට නැවත උත්තර දෙන්නට නැගිටගත් තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රීවරයා තමන් අත වරදක් නැතැයි දිගින් දිගටම කියා සිටියේය. ඔහු කියා සිටියේ තමා ‘වල් නැති බවත් අනෙක් අය වල් විදිහට හිතනවාට කරන්නට දෙයක්නැති‘ බවත්ය.
ඔහු නැවතත් අභියෝග කරමින් දන්වා සිටියේ තමා එදා කියූ වචනවල අසභ්‍ය යයි සඳහන් වන වචනය කිසිවෙකුට සඳහන් කරන්නට හැකිදැයි අභියෝග කරන බවයි. එවැන්නක් නැති බව කී ඔහු රන්ජන්-හිරුණිකා දුරකථන සංවාද වල මීට වඩා අසභ්‍ය දේ තිබූ බවත් ඒවා ගැන කතා නොකර තමන්ගේ වචනයක් ගැන පමණක් අනවශ්‍ය දෙයක් මතු කර ඇති බවයි.

ඔහු කතාකරන අතර කතානායකවරයා එදා කියූ දේට කණගාටුවන බව දන්වන්නැයි ඉල්ලුවත් ඔහු එසේ නොකළේය.
පාර්ලිමේන්තුවේ කතානායකවරයාත් සෙසු මන්ත්‍රීවරියනුත් ඔහුගේ ප්‍රකාශය හෙළා දැක තිබියදී දිගින්දිගටම තමන් නිර්දෝෂී බව කියමින් නැවතත් රෝහිණී කවිරත්න මන්ත්‍රීවරිය ඇතුළු පිරිස පහතට ඇදදමමින් ඔහු කථා කළේය.

අනතුරුව නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා කෝපයෙන් ඔහුට දන්වා සිටියේ ‘එම වචන නැවත කියන්නට ලජ්ජා බවත් අසභ්‍ය වචන හඳුනා නොගන්නට තමන් බබ්බු නොවන‘ බවත්ය. කුට්ටිආරච්චි අසුනින් නැගිටුවා යවන ලෙසද කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.

අනතුරුව සභාවේ මිනිත්තු පහක පමණ උණුසුම් තත්වයක් ඇතිවූ අතර තිස්සකුට්ටිආරච්චි වෙත අනෙක් පිරිස් ගොස් කිසියම් ආරවුල් සහගත වචන හුවමාරුවක් සිදුවිය. එය සජීවී විකාශයෙන් ඉවත් කර තිබුණි.


අනතුරුව කවිරත්න මහත්මිය නැවතත් වරප්‍රසාද ප්‍රශ්නයක් යොමු කර තමන් කියූ දේට සාධාරණය නොවූ බව කීවාය. මේ අතර සිද්ධිය වූ දිනයේ සභාවේ මුල් පුටුවේ සිටි අජිත් රාජපක්ෂ මන්ත්‍රීවරයා ‘තමන්ට අසභ්‍ය දේ නෑසුණ‘ බවට කළ ප්‍රකාශය ගැන විවේචන පැතිරෙන බවත් ඇත්තටම තමන්ට එදා ඒ දේ නෑසුණ බවත් මුලසුනට ගියවිට හැමතැනින්ම කතාකරන අය නිසා ඇතැම් දේ මග හැරෙන බවත් දන්වා සිටියේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles