Thursday, March 28, 2024

ථේරවාදී බුදු දහම පැතිරෙන උගන්ඩාවේ පළමු කඨින පිංකම !

උගන්ඩාව පුරා ථේරවාදී බුදු දහම පැතිරෙමින් ඇත. එරට ස්ථාපිත උගන්ඩා බෞද්ධ මධ්‍යස්ථානය එයට පුරෝගාමීව ඇත. 2005 වසරේ ඇරඹෙන උගන්ඩානු බෞද්ධ ප්‍රබෝධයේ මූලිකත්වය උගන්ඩා ජාතික බුද්ධරක්ඛිත හිමියන් විසින් මෙහෙයවයි. 1966 වසරේ දිනක උගන්ඩාවේ දී steven kabogozza නමින් උන්වහන්සේ උපත ලබන්නේ බුදු දහම පිළිබඳ වචන මාත්‍රයක් හෝ අසා නැති ජන සමාජයක ය. ස්ටීවන්ගේ ගේ ජීවිතයේ තීරණාත්මක හැරවුම් ලක්ෂයක් වන්නේ 1990 වසරේදී ඉන්දියාවට පැමිණීම ය. වාණිජවාදී උපාධිය හැදෑරීම සඳහා පංජාබ් ජාතික විශ්ව විද්‍යාලයට ඇතුල් වන ඔහුට ප්‍රථම වරට බුදු දහම පිළිබඳ හැදෑරීමට අවස්ථාවක් එලඹෙයි. ඉන් අනතුරුව බුරුමයට ගොස් ථේරවාදී බුදු දහම පිළිබඳ ගැඹුරින් හදාරණ අතර ඉන්දියාවේ ධර්ම ශාලාහිදී දළෙයි ලාමා තුමන්ගේ ඇසුරද ලබයි. 2002 වසරේ කැලිෆෝනියාවේ බුරුම ආධ්‍යාත්මික මධ්‍යස්ථානයකදී ඔහු උගන්ඩාවේ බුද්ධරක්ඛිත නමින් පැවිදි දිවියට එළඹෙයි. අනතුරුව බෞද්ධ ලෝකය පුරා සැරිසරා අනුග්‍රාහකයන් සොයා ගනිමින් උගන්ඩාවේ පළමු බෞද්ධ මධ්‍යස්ථානය ආරම්භ කරයි. උන්වහන්සේ ගේ මවද එහිදී පැවිදි ජීවිතයට එක්වීම විශේෂත්වයකි. උගන්ඩා ජාතිකයන්ට බුදු දහමේ හරය අවබෝධ කරමින් සසුනට එක් කරගනිමින් උන්වහන්සේ බුදු දහම එරට ස්ථාපිත කරවා ඇත. අද වනවිට ඉරිදා දහම් පාසලක් සේම උගන්ඩා බසින් දහම් පොත් මුද්‍රණයද සිදුවෙයි. බුද්ධරක්ඛිත හිමියන් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ බෞද්ධ දර්ශනය අධ්‍යනය කර ඇති නිසාම උන්වහන්සේට ලංකාව සමඟ ඉතා හොඳ සබඳතාවක් පවතී. උගන්ඩාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් ඇතුලු විවිධ රටවල බෞද්ධ ප්‍රජාව උන්වහන්සේ වෙත මෙම කටයුතු සඳහා ශක්තියක් වෙයි. එහි තවත් කඩ ඉමක් පසු කරමින් උගන්ඩාව තුල පළමු වරට භික්ෂූන් වහන්සේ ලා වස් වසා, කඨින පිංකමක් 2021 වසරේදී සිදු විය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles