Saturday, April 20, 2024

දරුණු වැසි… ප්‍රවේශමෙන්.. ලබන මාසයේ විදුලිය කැපීම අඩුවෙයි..

බස්නාහිර, සබරගමුව, මධ්‍යම පළාත්වල හා ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව පැවසුවේ, මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල, උතුරු උතුරු මැද සහ වයඹ පළාත්වල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ සුළඟේ වේගය ඉහළ යා හැකි බවය.

පවතින වර්ෂාවත් සමග රත්නපුර ප්‍රදේශයේ පහත් බිම් රැසක් ජලයෙන් යටවී තිබේ.

පවතින වර්ෂාවත් සමග කුඩා ගගේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් බුලත්සිංහල ප්‍රදේශයේ පහත්බිම්වල වෙසෙන ජනතාව විමසිලිමත් විය යුතු බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලවිද්‍යා හා ආපදා කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ ඉංජිනේරු එස්.පී.සී. සුගීස්වර මහතා සඳහන් කළේ ය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles