Friday, April 19, 2024

හිටපු අගමැති දි.මු. ජයරත්න ගුණ සැමරුම් උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

දිවංගත අග්‍රාමාත්‍ය දිමූ ජයරත්නගේ දෙවන ගුණ සැමරුම් උත්සවය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ ගම්පොල – අම්බුළුවාව ජෛව විවිධත්ව සංකීර්ණයේදී පැවැත්වුණා.

ගුණ සැමරුම් උත්සවයට පැමිණි ජනාධිපතිවරයා අම්බුළුවාව බෝධීන් වහන්සේ වැඳ පුදා ගනිමින්, ජෛව විවිධත්ව සංකීර්ණය නැරඹීය. අනතුරුව දි.මු. ජයරත්න සමාධිය නිරාවරණය කර ඊට පුෂ්පෝපහාර දැක්වුවා.

ගම් සභාවෙන් දේශපාලනය ඇරඹූ දි.මු. ජයරත්න මහතා, “ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ” 13වන සාමාජිකයායි. 1970 වසරේදී ප්‍රථම වරට පාර්ලිමේන්තුව නියෝජනය කළ ඒ මහතා 1994 කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස පත් විය. 2010 වර්ෂය දක්වා විවිධ අමාත්‍ය ධුර කිහිපයක් හෙබ වූ දි.මු ජයරත්න මහතා 2010 සිට 2015 දක්වා මෙරට 14වන අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළේය. ඒ මහතා 2019 නොවැම්බර් මස 19 වන දින සිය දිවියෙන් සමුගත්තා.

රාජ්‍ය අමාත්‍ය, අනුරාධ ජයරත්න මහතා විසින් ගුණ සැමරුම සනිටුහන් කරමින් ජනාධිපතිතුමා වෙත සමරු තිළිණයක් පිළිගන්වනු ලැබුවා.

එමෙන්ම අම්බුළුවාව ජෛව විවිධත්ව භූමියේ සුදු හඳුන් පැළයක් ද ජනාධිපතිතුමා විසින් රෝපණය කළා.

ත්‍රෛනිකායික මහා සංඝරත්නය, අමාත්‍ය චමල් රාජපක්ෂ, මහින්දානන්ද අලුත්ගමගේ, ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගුණතිලක රාජපක්ෂ, උදයන කිරිඳිගොඩ, අම්බුළුවාව භාරකාර මණ්ඩලයේ සාමාජික සාමාජිකාවෝ ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles