Thursday, April 25, 2024

දුම්රියෙන් වැඩට යන අය කලින් යන්න!

පවතින සේවක හිගය හේතුවෙන් අද දිනයේ නියමිතව තිබූ දුම්රිය ගමන් වාර රැසක් අවලංගු කිරීමට සිදුවන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසනවා.

ඊයේ පස්වරු 06 වනවිට දුම්රිය ගමන්වාර 36 ක් අවලංගු වී තිබුණා. ඒ අතරට මගී දුම්රිය 24 ක් සහ භාණ්ඩ ප්‍රවාහන දුම්රිය 12 ක් ඇතුළත්. මෙම තත්ත්වය හෙට දිනයේ තවදුරටත් තීව්‍ර වනු ඇති බවයි ඊයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න පැවසුවේ.

කාර්යාලවලට යන මගීන්ට දැඩි බලපෑමක් මේ තුළින් සිදුවිය හැකි බවත් විශ්‍රාම ගැන්වුණ සේවකයින්ට අවශ්‍ය ආකාරයට කොන්ත්‍රාත් පදනම මත සේවා ලබාදීම මේ වන විටද සිදුවී නොමැති බවයි ඔහු සඳහන් කරන්නේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles