Wednesday, April 24, 2024

දෙමටගොඩ රුවන් නැවතත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

උපයාගත් ආකාරය හෙළි කළ නොහැකි මුදලින් මිලදී ගත් බව කියන සුඛෝපභෝගී වාහන සහ රත්‍රං ළග තබාගැනීමේ චෝදනාවට අදාළව අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධ කල්ලි නායක දෙමටගොඩ රුවන් නමැත්තා ලබන 03 වනදා දක්වා නැවත රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

සැකකරු වෙනුවෙන් කල ඇප ඉල්ලීමද අධිකරණය විසින් ප්‍රතික්ෂේප කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා විසින් මෙම නියෝගය ලබාදුන්නා.

මෙි අතර සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජියකු වන ‘ගන්දර සමන්’ විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගිනිඅවියක්, ටී 56 උණ්ඩ 12 ක් හා කඩුවක් ඔහු සතුව තිබී සොයා ගෙන ඇති බව වාර්තා වනවා.

තලල්ල දකුණ ප්‍රදේශයේ නිවසක් සෝදිසි කිරීමේ දී සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණා.

මෙි අතර සංවිධානාත්මක අපරාධකරුවකු වන කළු සාගර නැමැත්තාගේ ගෝලයකු වන ‘ආමි අමිල’ නැමැත්තා විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් තංගල්ල දංකැටිය ප්‍රදේශයේදී සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු සතුව තිබූ හෙරොයින් මිලි ග්‍රෑම් 3,780 ක් සහ කඩුවක් ද සොයාගැනීමට හැකිවූ බවයි විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.

2004 වර්ෂයේ දී වීරකැටියේ ධර්මේ නැමැත්තා සහ වීරකැටියේ සුනිල් වෙඩි තබා ඝාතනය කිරීම,2005 වර්ෂයේ දී රදම්පල ගජනායක නැමැත්තා වෙඩි තබා ඝාතනය කිරීම සහ 2015 වර්ෂයේ දී පල්ලිකුඩා උක්කුං නැමැත්තා වෙඩි තබා ඝාතනය කිරීම ඔහුට එල්ලවී ඇති චෝදනායි.

සැකකරු වැඩිදුර විමර්ශනසඳහා මේ වනවිට තංගල්ල පොලිසිය වෙත භාර දී තිබෙනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles