Friday, March 29, 2024

දේශපාලන පක්ෂ අභිභවා යන මහා ජන කැරැල්ලක් අත ළඟයි. බුද්ධි අංශ වාර්තා කරයි

මෙරට ආර්ථික අර්බුදය උග්‍ර වීම මත අසංවිධානාත්මක බහුජන විරෝධතාවක් රට පුරා වර්ධනය වෙමින් ඇති බව ඇති බව රාජ්‍ය බුද්ධි අංශය විසින් වාර්තා කරයි.

මෙරට ඇතිවෙමින් තිබෙන ජන විරෝධතාවය දේශපාලන පක්ෂ අභිබවා යන බහුජන විරෝධතා ස්වරූපයක් ගනිමින් ඇතැයි ද තවදුරටත් බුද්ධි අංශ විසින් වාර්තා කරයි.

ආර්ථික අර්බුදය උග්‍රවීම හේතුවෙන් නිර්මාණය වී ඇති ආණ්ඩුකරණයේ කඩා වැටීම හමුවේ දේශපාලන පක්ෂ අභිභවා යමින් තිබෙන ජන විරෝධතාවය බහුජන විරෝධතා ස්වරූපයක් ගනිමින් ඇතැයි ද තවදුරටත් බුද්ධි අංශ විසින් වාර්තා කරයි.

දේශපාලන පක්ෂවලට පවා සංවිධානය කරගත නොහැකි අයුරින් අසංවිධිත ලෙස දියත් වෙමින් පවතින ආණ්ඩුවට එරෙහි මෙම විරෝධතා ගැන මේ වනවිටත් රාජ්‍ය බුද්ධි අංශ විසින් දේශපාලන විධායකයට කරුණු වාර්තා කරනු ලැබ ඇති බව ‘මව්බිම’ වෙබ් අඩවිය වාර්තා කරනවා.

ජනාධිපතිවරයා ජාතිය අමතමින් ප්‍රකාශයක් කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමට මෙයට ප්‍රධාන වී හේතුවක් වී ඇතැයි ද වාර්තා වේ.

ඒ අනුව, ජනාධිපතිවරයා ජාතිය අමතා කතාවක් කිරීමට ප්‍රධානම හේතුව වී ඇත්තේ බුද්ධි අංශ මගින් ජනාධිපතිවරයා වෙත අනතුරු ඇඟවීමක් සිදුකර තිබීම හේතුවෙනි.

ජනතාවගේ ජීවන වියදම සමඟ උද්ධමනය ඉහළ යාම එක විට සිදු වන විට ජනතාවට මිලදී හැඟීම් ගැනීමේ හැකියාව පහළ වැටීම නිසා අපේක්ෂා භංගත්වයට පත්වන තත්ත්වයක් නිර්මාණය වනු ඇති බවද පුරෝකථනය වී ඇත.

මෙරට ජනතාවට සිය මූලික අවශ්‍යතාවය වන ආහාර සම්පාදනය කරගැනීමට බලපෑම් සිදු වීමෙන් දරුණු සමාජ අර්බුදයක් නිර්මාණය වෙමින් ඇති බව ද විශ්ලේෂකයන් සඳහන් කරයි.

ඒ, රටපුරා පෙර සංවිධානය නොකරන, හදිසි මහජන විරෝධතා රැල්ලක් නිර්මාණය වීමේ අනතුරක් ඇති බව දැන්වීම හේතුවෙනි.

යම් හෙයකින් මහජන විරෝධතා උත්සන්න වුවහොත් රටතුල මහජන කැරැල්ලක් මතු වී රාජ්‍ය පාලනයට දැඩි බාධා මතුවනු ඇති බවටද බුද්ධි අංශ රජයට දන්වා ඇත.

මහජනතාවගේ මානසික මට්ටම ඉහළ නැංවීම සඳහා පසුගියදා ජනාධිපතිවරයා ජාතිය අමතා කතාවක් සිදුකර ඇති අතර, මේ වන විට වාර්තා වන අන්දමට එම විශේෂ ප්‍රකාශයෙන් ජනතාව තුල පැහැදිලි ආකල්පමය වෙනසක් සිදු වි නොමැත.

විශේෂයෙන් ම මීට වසරකට පමණ පෙර කොවිඩ්  වසංගත සමයේ අර්බුදකාරී කාලපරිච්ඡේදයේදී හා ජාතික සම්පත් සම්බන්ධ දේශපාලන තීන්දුවලදී වෘත්තීය සමිති හා අභිලාෂ කණ්ඩායම් ජනතාවට නායකත්වය දුන් නමුත් මේ වනවිට ඊට වෙනස් තත්ත්වයක් නිර්මාණය වී ඇති බව තමන් පිළිගන්නා බවත් ඔවුහු පැවසූහ.  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති මහින්ද අමරවීර ඇමතිවරයා පසුගිය දා ප්‍රසිද්ධියේ ම පැවැසුවේ එල්.ටී.ටී.ඊ. සංවිධානය මෙහෙයවන ආණ්ඩු විරෝධී උද්ඝෝෂණයකට වුවත් සහභාගි වන තරමට ජනතාව ප්‍රකෝපකාරී වී ඇති බව ය. 

ප්‍රවීණ සමාජ විද්‍යාඥයෙකු ලෙස සැලකෙන මහාචාර්ය සිරි හෙට්ටිගේ ‘මව්බිම’ පුවත්පතට පවසා ඇත්තේ පැවසුවේ චිත්තවේග මත පදනම් වූ මෙම මහජන විරෝධතා ඇතැම් විට සමාජය පිළිගත් වටිනාකම් බිඳ වැටෙන තත්ත්වයක් හෙවත් අනෝමීය තත්ත්වයක් කරා වුව වර්ධනය විය හැකි බව ය. ආර්ථික අර්බුදයේ අතුරු ඵල ලෙස පැන නැගී ඇති ඉන්ධන, විදුලිය අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකිවීමේ ප්‍රශ්නය මිනිසුන්ගේ මූලික ම අවශ්‍යතාව වන ආහාර සම්පාදනයට බලපෑමෙන් දරුණු සමාජ අර්බුදයක් නිර්මාණය වී ඇති බව පෙන්වා දුන් මහාචාර්ය හෙට්ටිගේ, පන්ති භේදයෙන් තොරව සියලු සමාජ තීරු එක ලෙස පහර කන තත්ත්වයක් දක්වා එය වර්ධනය වී ඇතැයි අවධාරණය කළේ ය. 

ජීවන වියදම සමග උද්ධමනය ඉහළ යාම එකවිට සිදුවෙද්දී ජනතාවගේ මිල දී ගැනීමේ හැකියාව පහළ වැටීම නිසා හෙට දවස ගැන අපේක්ෂාභංග වූ තත්ත්වයක් නිර්මාණය වී ඇතැයි ද එය රටක සමාජ ක්‍රමය පවත්වාගෙන යාමට පවා නරක ලෙස බලපානු ඇතැයි ද මහාචාර්යවරයා පෙන්වා දුන්නේ ය. 

මේ අතර, ඉන්ධන හා විදුලිය ප්‍රශ්න මුල් කරගනිමින් කොළඹ නාගරිකයන් කොහුවල, නුගේගොඩ, මහරගම ආදී පෙදෙස්වල ආරම්භ කළ ක්ෂණික විරෝධතා මේ වනවිට ගම් දනව් කරා වේගයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන අතර ජාත්‍යන්තර ජනමාධ්‍ය රැසක ඇස ඊට යොමු වී තිබේ.  

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles