Thursday, March 28, 2024

දේශසීමා හරහා සිදුකෙරෙන ත්‍රස්ත ක්‍රියාකාරකම්වලට සහයදීම නවත්වන්නැයි ඉන්දියාව පකිස්තානයට කියයි.

දේශසීමාව හරහා සිදුකෙරෙන ත්‍රස්තවාදී ක්‍රියාවන්ට අනුබලදීම වහාම නවතා දමන්නැයි ඉන්දියාව පකිස්තානයට අවධාරණය කරයි.

ඉන්දියාවේ එක්සත් ජාතීන්ගේ නියෝජිතවරියක වන කාජල් බාත් මේ බව සදහන් කළේ ආරක්ෂක මණ්ඩලයේ විශේෂ සැසිවාරයක් අමතමිනි.

පකිස්තානය ජම්මු සහ කාශ්මීර ප්‍රාන්තවල ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් සදහා විවිධ ආකාරයට සහය පළකරන බවටද ඇය මෙහිදී චෝදනා කළාය.

ජම්මු ,කාශ්මීරය,සහ ලඩාක් යන ප්‍රදේශ ඉන්දියාවට අයත් බවත් බවත් පකිස්තානය එය පිළිගත යුතු බවත් ඉන්දීය නියෝජිතවරිය මෙහිදී අවධාරණය කළාය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles