Thursday, April 25, 2024

දේශීය අත්කම් සඳහා නවතම වෙබි අඩවියක් – Shilpa.com

දේශීය අත්කම් නිශ්පාදන සඳහා වෙළඳපොළ පුළුල් කිරීමේ අරමුණින් ” shilpa.com “නමින් නව වෙබ් අඩවියක් ආරම්භ විය. ඒ ජාතික ශිල්ප සභාව විසිනි.දේශීය අත්කම් නිශ්පාදන ඍජුව විදේශ වෙළඳපොළට නිකුත් කිරීමට අවස්ථාව ලබාදීම මෙහි අරමුණයි.

අප නිශ්පාදනය කරන සෑම භාණ්ඩයක් පසුපසම කුමක් හෝ කතාවක් ඇත. එම කතාව ඇතැම් විට කෙනෙකුගේ ඇසට කඳුළක් එක් කිරීමට තරම් සංවේදී විය හැක. මේ හැම කැටමක් සමඟම බැඳුණු ජීවිත කතාවක් ඇත.

එම කතාව සහ නිර්මාණය යන දෙකම එක්ව ගත් කල එම නිර්මාණයට කලින් නොතිබුණු වටිනාකමක් ලැබිය හැක. ඇතැම් විට ආබාධිත රණවිරුවන් සෑදුවේ යැයි කියා හඳුන්වා දුන හොත් එය දකින පුද්ගලයා හට එම භාණ්ඩයේ ප්‍රමාණය අදාල නැත. කෙසේ හෝ එය මිලදී ගැනීමට ඕනැම අයකු පෙළඹේ.

එනිසා මේ නිර්මාණ හැම එකක් සමඟම කතාවක් නිර්මාණය කරගත හැකි නම් , එය සාර්ථක ලෙස සමාජගත කර ගත හැකිනම් අපේ මේ අත්කම් නිර්මාණකරුවා මීටත් වඩා ඉහළට ඔසවා තැබීමට හැකිවනු ඇත.

ඉදිරි දින කීපය තුළ සම්ප්‍රදාය රකිමින් නව්‍යකරණයකට ලක් කරමින් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට රජය බලාපොරොත්තු වන අතර ලෝකයේ සෑම සංවර්ධිත රටක් මෙන්ම ශ්‍රීලංකාවද ඩිජිටල්කරණය සමඟ ඉදිරියට යාමට සූදානමින් සිටී . අපේ රටද නව තාක්ෂණය සමඟ ඉදිරියට යා යුතුය . ඒ සඳහා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ද නිරන්තරයෙන් ඇපකැප වී සිටී.

ලෝකය දිනන්නට නම් නව තාක්ෂණය සමඟ නිරන්තරයෙන් අත්වැල් බැඳ ගත යුතුය. අලුත් සංකල්ප බිහිවන විට නිතැතින්ම රටද වේගයෙන් සංවර්ධනය කරා ගමන් කරයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles