Friday, March 29, 2024

නව අගමැති කෙනෙක් වහාම පත්කරන්න..ප්‍රභලයෙකුගෙන් සැර ප්‍රකාශයක්..

පාර්ලිමේන්තුවේ ආසන 113ක බහුතරයක් පෙන්වන අයෙකුට අගමැතිධූරය භාරදෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පැවසුවත් මෙවැනි අවස්ථාවක ඔහුගේ මතය අවශ්‍ය නොමැති බවයි හිටපු අගවිනිසුරුවරයා පෙන්වා දෙන්නේ.

යෝජනා සම්මතයක් මගින් නව අගමැතිවරයෙක් සහ ඇමති මණ්ඩලය පත්කරගැනීමේ ව්‍යවස්ථාපිත බලයක් පාර්ලිමේන්තුව සතු බැවින් මේ අවස්ථාවේ වහාම ඒ සඳහා කටයුතු කළ යුතු බව හිටපු අගවිනිසුරු සරත් එන් ද සිල්වා මහතා පවසනවා.

කථානායකවරයාට ව්‍යවස්තාව කියවන ලෙසත්,රහස් ඡන්දයකින් නව අගමැතිවරයෙකු තෝරා පත් කර ගත හැකි බවත්, ඩීල් දේශපාලනය දැන්වත් නතර කල යුතු බවත් ඔහූ වැඩිදුරටත් පැවසීය.

හිටපු අගවිනිසුරුවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (7) පැවති මාධ්‍ය හමුවක් අමතමින්.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles