Thursday, April 25, 2024

නව කැලණි පාලම හෙට ජනතා අයිතියට

පෑලියගොඩදී කැලණි ගඟ හරහා ඉදිකළ නව කැලණි පාලම විවෘත කිරීම නොවැම්බර් 24 වැනි බදාදා සිදුකිරීමට නියමිතය.


ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සියේ (JICA)යෙන් මිලියන 35,020 ක සහනදායී ණයක් මඟින් ඉදිකරන ලද මංතීරු 6 කින් යුත් පාලම කොළඹ-කටුනායක අධිවේගී මාර්ගයෙන් දකුණට විහිදෙන අතර, ඉඟුරුකඩේ මංසන්ධියෙන් අවසන් වන වරාය ප්‍රවේශ මාර්ගයට සහ ඔරුගොඩවත්ත මංසන්ධියෙන් අවසන් වන බේස්ලයින් පාර දෙසට බෙදී යයි.


ශ්‍රී ලංකාවේ ප්‍රවාහන තාක්‍ෂණයේ සන්ධිස්ථාන කිහිපයක් සනිටුහන් කරමින් ජපානයේ දියුණු තාක්‍ෂණයෙන් මෙම පාලම ඉදිකර ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles