Saturday, April 20, 2024

න්‍යෂ්ටික අවි වලින් පෙරටම යන චීනය

මෙම දශකය නිමා වන විට න්‍යෂ්ටික අවි දහසක් පමණ චීනය සතුවනු ඇති බව විදෙස් වාර්තා පවසනවා.

පෙන්ටගන් වාර්තාවක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ මීට වසරකට පෙර චීනය සතුව පැවතියේ න්‍යෂ්ටික අවි 200 ක් පමණක් බවයි.

2027 වන විට චීනය සතුව න්‍යෂ්ටික අවි 700ක් පමණ තිබෙනු ඇති බවද එම වාර්තාවේ සදහන්.

තායිවානය පදනම් කරගෙන චීනය සහ ඇමරිකාව අතර පවතින ගැටලුකාරී වාතාවරණය හමුවේ ඇමරිකාව විසින් චීනයේ න්‍යෂ්ටික අවි පිළිබද තක්⁣සේරැව සිදුකර ඇති බව පැවසෙනවා.

මේ වනවිට ඇමරිකාව සතුව න්‍යෂ්ටික අවි 3750ක් පමණ පවතින බව සදහන්.

විදෙස් වාර්තා සදහන් කරන්නේ මෙම න්‍යෂ්ටික අවි සංඛ්‍යාව තවදුරටත් ඉහළ නැංවීමට ඇමරිකාව බලාපොරොත්තු නොවන බවයි.

Neth News

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles