Saturday, April 20, 2024

නැනෝ නයිට්‍රජන් ඉන්දියාවේ මිල ගැන සමාගමෙන් ප්‍රකාශයක්

ඉන්දියාවෙන් මෙරටට ගෙන එන ලද නැනෝ නයිට්‍රජන් මිලි ලීටර් 500 ඉන්දියාවේ අලෙවි කරනු ලබන්නේ රුපියල් 240 කට බවත් ඉන්දියාවේ ඇති විශාල තරඟය නිසා 10% ක මිල අඩු කිරීමක් යටතේ අලෙවි වන බවත් ඉන්දීය සමාගමේ නියෝජිතයෙකු ප්‍රකාශ කරයි.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී එම සමාගමේ නියෝජිතයා මේ බව අවධාරණය කර සිටියේය.

ලංකාවට එම නයිට්‍රජන් දියර ලබා දී ඇත්තේ රුපියල් 800කට වඩා වැඩි මුදලකට බව සඳහන් කාරණාව සම්බන්ධව ඔහුගෙන් ඇසූ විට තමන් ඒ සම්බන්ධයෙන් නොදන්නා බවත් ඔහු පැවසීය.

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සඳහන් කරනුයේ මෙම පොහොර ආනයනය කල සමාගම විශාල ලාභයක් තබාගෙත ඇති බවට තමන්ට වාර්තා වන බවයි. එමෙන්ම තමන් ඔවුන් සමග සාකච්ඡා කර එය අඩු කිරීමට උත්සාහ කරන බවද අමාත්‍යවරයා පවසයි.

කෙසේ වෙතත් දින කිහිපයකට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක මේ පිලිබඳ ප්‍රශ්න කල විට අමාත්‍යවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් පැවසුවේ මන්ත්‍රීවරයා තමන්ට මඩ ප්‍රහාර එල්ල කරන බවයි.

ලංකාවට එම දියර නයිට‍්‍රජන් ලබා දී ඇත්තේ රුපියල් අටසියයකට වැඩි මුදලකට බවට තොරතුරු වාර්තා වන්නේ යැයි පැවසූ විට ඔහු කියා සිටියේ තමන් ඒ ගැන නොදන්නා බවයි.

ඔවුන් සමඟ සාකච්ඡා කළ එය අඩු කිරීමට උත්සාහ කරන බව ද ඔහු පැවසූ ඔහු පොහොර ආනායනය ඇත්තේ තමන් යටතේ නොවන බවද පැවසීය.

ඉන්දීය මහ කොමසාරිස්වරයා සමඟ මේ ගැන සාකච්ඡා කරමින් සිටින බවත් ඔහු තවදුරටත් සඳහන් කළේය.

කෘෂිකර්මාන්තය සදහා රසායනික පොහොර භාවිතය අත්හිටුවීමට රජය ගත් තීරණයට පසුව, ගොවියන් මුහුන දෙන දුෂ්කරතාවය සැලකිල්ලට ගනිමින් ඉන්දියාවෙන් නැනෝ නයිට‍්‍රජන් දියර පොහොර ගෙන්වීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව තීරණය කරන ලදී.

ඒ අනුව මේ වන විට, නැනෝ නයිට‍්‍රජන් දියර පොහොර ලීටර් ලක්ෂ 21 ක් පමණ මෙරටට ගෙන්වා තිබේ.

නැනෝ නයිට‍්‍රජන් දියන පොහොර ආනයනයේ දී මිලි ලීටර් 500 ක බෝතලයක් සදහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ගෙවා ඇති මුදල ඇමරිකානු ඩොලර් 12.45 කි.
එම මුදල ශ‍්‍රී ලංකා රුපියල්වලින් ගත් විට රුපියල් 2520 කි.

නමුත්, අදාල පොහොර සමාගම විසින් නැනෝ නයිට‍්‍රජන් දියර පොහොර මිලි ලීටර් පන්සියයක බෝතලයක් ඉන්දියාවේ අලෙවි කරනු ලබන්නේ ඩොලර් 3.23 ක මුදලකට වන අතර, එම මුදල ශ‍්‍රී ලංකා රුපියල්වලින් රුපියල් 654 කි.

මේ අනුව, නැනෝ නයිට‍්‍රජන් දියන පොහොර ලීටර් පන්සියකක් සදහා රුපියල් 1867ක වැඩිපුර මුදලක් ශ‍්‍රී ලංකාව ගෙවනු ලබයි.

මෙරටට ගෙන්වා ඇති නැනෝ නයිට‍්‍රජන් ලීටර් ලක්ෂ 21 ට අදාලව ගත් විට මෙම අමතර වියදමේ වටිනාකම රුපියල් මිලියන 7841 ක් වේ.

තමන් සිදු කරනු ලබන්නේ පොහොර අමාත්‍යංශය ලබා දෙන සංඛ්‍යා දත්ත ප‍්‍රකාශ කිරීම පමණක් බව පවසන අමාත්‍යවරයා, පොහොර සමාගම, මෙරටට පොහොර සැපයීමෙන් විශාල ලාභයක් උපයන බව පෙනී යන බවත්, ඒ සම්බන්ධයෙන් ඉන්දියානු තානාපති කාර්යාලය සමග සාකච්ඡුා කරන බවත් පවසා සිටියේ ය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles