Thursday, March 28, 2024

නීතීඥ සංගමය කැළඹේ…..!

විරෝධතාකරුවන් පිරිසක් විසින් මල් පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලය අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය කැළඹීමට පත්ව ඇති බව එම සංගමය පවසනවා.

එම පරිශ්‍රය වහාම බලධාරීන් වෙත ආපසු ලබා දෙන ලෙසත්, ශ්‍රී ලංකා නීතිඥ සංගමය සාමකාමී විරෝධතාවල අයිතීන් අඛණ්ඩව තහවුරු කරන නමුත් ව්‍යවස්ථා විරෝධී වන අවනීතිය හෝ අරාජික තත්ත්වයකට සහාය නොදක්වන බවද එම සංගමය අවධාරණය කර තිබෙනවා.

රජයේ කාර්යාල අල්ලාගෙන විනාශ කිරීමට හෝ දේපළවලට හානි කිරීමට උත්සාහ කිරීම සාමකාමී විරෝධතාවක් නොවන බවයි ශ්‍රී ලංකා නීතිඥ සංගමය පෙන්වා දෙන්නේ.

ව්‍යවස්ථා විරෝධී ක්‍රියාමාර්ග නතර කරන ලෙස එම සංගමය ඉල්ලා සිටී.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles