Saturday, April 20, 2024

පරිභෝජනයට නුසුදුසු අල කිලෝ හතලිස් දහසක් දඹුල්ලේදී වටලයි

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය අසළ ගබඩාවක තිබූ, පරිභෝජනයට නුසුදුසු අර්තාපල් කිලෝ හතලිස් දහසක පමණ තොගයක් දඹුල්ල නගර සභාවේ සෞඛ්‍ය නිළධාරින් විසින් සිය භාරයට ගෙන තිබෙනවා.

දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතා ට ලද තොරතුරක් මත මහනගර සභාවේ සෞඛ්‍ය අංශ විසින් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට යාබඳ පෞද්ගලික ගබඩාවකට කන්ටේනර් රථයක් මඟින් ගෙන්විත් තිබිය දී එම අර්තාපල් තොගය සොයා ගෙන ඇත.

අර්තාපල් තොගය කන්ටේනරය තුළ පැළ වී ඇති අතර, කාන්තාවන් යොදා ගනිමින් එම අර්තාපල්වල අංකුර කඩා නැවත වෙළෙඳපොළට යැවීමට සකස්කරමින් තිබිය දී සොයාගත් බව නගරාධිපති ජාලිය ඕපාත මහතා පැවසීය.

කන්ටේනරය තුළ අර්තාපල් කිලෝ 40,000කට අධික ප්‍රමාණයක් ඇති බවත් ඒවා සියල්ල කුණු වී සමහර අර්තාපල් පැළ වී තිබෙනු දක්නට ලැබුණු බව නගර සභා සෞඛ්‍ය නිලධාරීහු පවසති.

මීට පෙරද එම ගබඩා හිමිකරු සහ කන්ටේනර් රථ රියදුරා මිනිස් පරිභෝජනයට නුසුදුසු ලොකු ළූණු තොගයක් පාකිස්ථානයෙන් ගෙන්වා සූක්ෂම ලෙස වෙළෙඳපොළට යැවීම සඳහා සූදානම් කරද්දී නගර සභාව සෞඛ්‍ය අංශ අත්අඩංගුවට ගෙන තිබුණු බවද නගරසභා සෞඛ්‍ය නිලධාරීහු පවසති.

අර්තාපල් තොගය දඹුල්ලට ගෙනා කන්ටේනර් රථ රියදුරු ව අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහුගෙන් සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී අර්තාපල් කන්ටේනර් රථය නොවැම්බර් 15 වනදා වරායේ සියලු පරීක්ෂණවලින් නිදහස් කොට ආහාරයට සුදුසු බවට නිර්දේශ කර ලබාගත් බවත් සඳහන් කර තිබේ.

‍සෞඛ්‍ය අංශ නිලධාරින් සඳහන් කලේ ඉන්දියාවේ සිට මෙරටට ගෙන්වූ මෙම අර්තාපල් තොගය ඊයේ (16) මෙලෙස සෞඛ්‍ය අංශ භාරයට ගෙන ඇති අතර වැටලීම කරන අවස්ථාව වනවිට අදාල අර්තාපල් තොගය වෙළදඳපලට මුදාහැරීම සදහා පිරිසිදු කරමින් සිට ඇති බවයි.

මෙම අර්තාපල් තොගය ආනයනය කළ පුද්ගලයා හෝ සමාගම පිළිබඳ කිසිඳු ලේඛණයක් ගබඩාවේ හිමිකරුවන් සතුව නොතිබුණු අතර මෙම අර්තාපල් තොගය සම්බන්ධයෙන් අද දින දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුනු ඉදිරිපත් කිරීමට නියමිත අතර දඹුල්ල පොලිසිය වැඩිදුර විමර්ශන මෙහෙයවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles