Tuesday, April 16, 2024

පස්වන රැල්ලක් ඒමේ අවදානමක් ගැන GMOA කියයි– එන්නත ගැන පැතිරෙන මිත්‍යා මතවලට නොරැවටෙන්න

ඔමික්‍රෝන් ව්‍යාප්තිය පාලනය සඳහා සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන්නැයි සෞඛ්‍ය අංශ ජනතාවට දැනුම් දෙයි.

මේ වනවිට දිවයිනේ නොයෙකුත් ප්‍රදේශවලින් ඔමික්‍රෝන් අසාදිතයින් වාර්තා වෙමින් ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය ජී.විජේසුරිය මහතා සඳහන් කළේය.

ඇතැම් ප්‍රදේශවල කොරෝනා රෝගීන්ගෙන් ලබාගත් සැකසහිත සාම්පල පර්යේෂණ සඳහා යොමුකර ඇතැයි ද නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය ජී.විජේසූරිය මහතා පැවසීය.

මේ අතර ඔමික්‍රෝන් වයිරසයේ බලපෑම මත මෙරට තුළ කොවිඩ් පස්වන රැල්ලක් අතිවීමේ අවධානමක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය අනතුරු අගවනවා.

දීර්ඝ සතිඅන්තයේ ජනතා ඒකරාශීවීම් හේතුවෙන් ඉදිරි සති දෙකේදී දෛනිකව වාර්තාවන කොවිඩ් ආසාදිතයින් ගණන ඉහළ යනු ඇති බවත් වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සඳහන් කරනවා.

මේ අතර කොවිඩ් වයිරසයේ ප්‍රභේද පරීක්ෂාව සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය පමණක් ක්‍රියාත්මක වන බැවින් දිවයිනේ අනෙකුත් විශ්ව විද්‍යාල තුළද එම පරීක්ෂණ සිදුකිරීමට අවස්ථාව සලසන ලෙස රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය මෙහිදී රජයෙන් ඉල්ලීමක් කරයි.

වැඩිදුරටත් අදහස් දැක්වූ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සාමාජික වෛද්‍ය ප්‍රසාද් රණවීර මහතා,

“මේ වනවිට ලෝකයේ ඔමික්‍රෝන් රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබෙනවා. විශේෂයෙන් ඇමෙරිකාව / එංගලන්තය / කැනඩාව ආදි රටවල් වල මේ ප්‍රභේදය ව්‍යාපත් වෙමින් පවතිනවා. ඒ වගේම ලංකාවෙත් රෝගීන්ගේ ඒ තරම් වැඩිවීමක් දක්නට නැතත් යමිකිසි වැඩිවීමක් දක්නට ලැබෙනවා. පස්වැනි රැල්ලක් ඒමේ අවදානමක් තියෙනවා. මොකද සති අන්තයේ ජනතාව විශාල වශයෙන් ඒකරාශී වනවා අපිට දක්නට ලැබෙනවා.ඉදිරි සති වලදි ආසාදිතයින්ගේ වැඩීමක් අපිට බලාපොරොත්තු වෙන්න පුලුවන්.

මෙ ඔමික්‍රෝන් ප්‍රභේදය අනෙක් ප්‍රභේද වලට වඩා පැතිරීමේ විශාල අවදානමක් තියෙනවා.ඒ එක්කම වාර්තා වන රෝගීන්ට සාපේක්ෂව මරණ වල අඩුවක් දක්නට ලැබෙනවා.ඒක එන්නත්කරණය සාර්ථක කර ගැනීමෙන් ලගා කර ගත්ත දෙයක් ලෙස අපි දකිනවා.

එන්නත්කරණය අවුරුදු 20 සිට ඉහළ අයටත් පටන් ගත්තා. පාසල් දරුවන්ටත් පටන් ගත්තා. කෙසේනමුත් මේ එන්නත්කරණට සම්බන්ධයෙන් විවිධ මිත්‍යා මත පැතිරෙනවා. ඒවා පිළිබඳ නිසි අධ්‍යනයක් කරලා මේ වෙනකන් ඔප්පු කරලා නෑ. ඒනිසා සෑම කෙනෙක්ටම අපි කියන්නේ එන්නත ලබාගන්න කියලා. එන්නත නිසා තමයි අපිට යම්කිසි ආරක්ෂාවක් ලැබිලා තියෙන්නේ. දෙමාපියන්ට සහ ගුරුවරුන්ට කියන්න කැමැති පාසල් දරුවන් දිරිමත් කරලා එන්නත ලබාදෙන්න කියලා.”

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles