Saturday, April 20, 2024

“පහුගිය ආණ්ඩුවලට වැරදි කියන්න ගියොත් මේක ඉවර වෙන්නෙ විජය රජ්ජුරුවන්ගෙන්” – රනිල්ගෙන් කබ්රාල්ට සැර පිළිතුරක්. ජනපති රනිල්ගෙන් සමාව ඉල්ලයි (Video)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද සර්වපාක්ෂික සමුළුව ජනාධිපති ලේකම් කාර්යාලයේදී ආරම්භ විය.

වත්මන් ආර්ථික ගැටලුවට විසඳුම් සාකච්ඡා කිරීම සහ අදහස් ලබාගැනීම සඳහා සර්ව පාක්ෂික සමුළුව කැඳවනු ලැබීය.

එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, මහජන එක්සත් පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය, ජාතික කොංග්‍රසය, තමිල් මක්කල් විඩුතාලෙයි පුලිකල්, කඳුරට ජනතා පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, ශ්‍රී ලංකා මහජන පක්ෂය, ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය, ලංකා සමසමාජ පක්ෂයේ මහාචාර්ය තිස්ස විතාරණ මහතා හා අපේ ජනබල පක්ෂයේ අතුරලියේ රතන හිමි හවුල්කාර පක්ෂ 11ක් නියෝජනය කරමින්, සමස්ත ලංකා මහජන කොංග්‍රසය, ජාතික මුස්ලිම් සන්ධානය, මහජන විමුක්ති සංවිධානය, ඉලංකෙයි තමිල් අරසුකච්චි සමුළුවට එක්ව සිටියා.

එහිදී මහ බැංකු අධිපතිවරයා විසින් කරන ලද ප‍්‍රකාශයකට හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර දැඩි ප්‍රතිචාරයක් දැක්විය.

එහිදී මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා යහපාලන රජයේ පැවැති අඩු පාඩු පවතින අර්බුදයට හේතු කාරණා වී ඇති බවට ප්‍රකාශ කර ඇත.

තමා සර්වපාක්ෂික සමුළුවට සහභාගි වූයේ රටේ ඇතිව තිබෙන උග්‍ර ගැටලු වලට විසදුමක් සොයා ගැනීමට පමණක් බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මෙම සමුළුව කැඳවා ඇති බව ප්‍රකාශ කළ හිටපු අග්‍රාමාත්‍යවරයා මෙය දෝෂාරෝපණය කිරීමට සුදුසු තැනක් නොවන බවද ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයා “පසුගිය ආණ්ඩුවේ වැරදි නිසා ප්‍රශ්නය ඇතිවෙලා” යනුවෙන් සිය කතාව ආරම්භ කර තිබීම කණගාටුවට කරුණක් බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

වික්‍රමසිංහ මහතා දැක්වූ ප්‍රතිචාරයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටියේ තමන් ඒ වෙනුවෙන් සමාව ඉල්ලා සිටින බවයි.

අද උදෑසන පැවති සර්ව පාක්ෂික සමුළුවේදී මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඒ මහතා මේ බව කියා සිටියා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රනිල් වික්‍රමසිංහ මහතා,

අපි ආවෙි මෙි සම්මෙිනලයට රටෙි දැන් තියෙන ප්‍රශ්න ගැන කතා කරන්න. මහ බැංකු අධිපතිතුමා පටන් ගත්තෙම පසුගිය ආණ්ඩුවෙි වැරැද්ද කියලා.

“මම එක කරුණක් පැහැදිලි කරන්නම්. මේ සම්මේලනය පවත්වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉල්ලීම උඩ ඔබතුමා කැඳවලා තියෙනවා. මට විශේෂයෙන්ම නිමල් සිරිපාල ඇමතිතුමා මුණගැහිලා කිව්වා සමුළුවට එන්න කියලා. පරණ යාළුකමටවත් එන්න කියලා. මම හිතුවා මේක වැදගත් කියලා. අපි මෙතැනට ආවේ මේ රටේ තියෙන උග්‍ර ප්‍රශ්නය නිසා. මෙතැනදි අපි ආවේ නැහැ. ආපහු පක්ෂ දේශපාලනයට කවුද වගකියන්නේ ද කියන ඒවා කරන්න. අර පටු දේශපාලනයට මහ බැංකු අධිපතිතුමා කිව්ව හැටියට ආවේ නැහැ. ඒත් මම කණගාටු වෙනවා. එතුමා පටන් ගත්තෙම ගියා ආණ්ඩුවේ වැරැද්දක් කියලා. මම ඒකට පිළිතුරු දුන්නොත් එතකොට මොකක්ද වෙන්නේ. ඊළඟට පිළිතුරු දෙනවා ද? අන්තිමට ඉවර වෙන්නෙ විජය රජ්ජුරුවෝනේ. එයා ලංකාවට ආවේ නැත්නම් ඒ ප්‍රශ්නය තියෙන්නේ නැහැ කියයි. ඕකයි වෙන්නේ. මොනවටද අපි එතැනට යන්නේ? මම මේ ගැන කියන්නේ එක කාරණාවක් විතරයි. අපිට වෙන ප්‍රතිපත්තියක් තිබුණේ. ඒ කාලේ මිනිස්සුන්ට කන්න තිබුණා. බොන්න තිබුණා. පෙට්‍රල් තිබුණා. මම ඊට වඩා කියන්න යන්නේ නැහැ. තව එකක් තියෙනවා. අපි මෙතැනට ආවේ, විපක්ෂයේ කොටසක් ඇවිත්. මම ආවේ එයාලව පරාජය කරන්න නෙමෙයි. මෙතනට ඇවිත් අදහස් ප්‍රකාශ කරලා ඒවා ගිහින් කියලා ඒ අයව සම්බන්ධ කරගන්න. අපි මේවයෙන් තොරව ඒ ප්‍රශ්න ගැන කතා කරමු.”

මෙහිදී හිත රිදෙන යමක් සිදුවූයේ නම් තමන් ඊට සමාව අයැදින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රනිල් වික්‍රමසිංහ මහතාට ප්‍රකාශ කර සිටියා.

ඉන් අනතුරුව අදහස් දක්වමින් ජනාධිපතිවරයා පවසා සිටියේ මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා වෙනුවෙන් තමන් සමාව ඉල්ලා සිටින බවයි.

එම අවස්ථාවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, රනිල් වික්‍රමසිංහ මහතාට මෙලෙස පවසා සිටියා.

“ඔබතුමාගේ හිත රිදුනානම් මම ඒකට සමාව ඉල්ලනවා. මම හිතන්නේ අර ක්‍රමවේදය එනකොට ඒ අවුරුදු ගාන නිසා තමයි එතුමා ඒක දැක්වුයේ. එහෙම නැතුව කිසිම කෙනෙකුට චෝදනා නඟන්නට නෙමෙයි. මම ඒකයි මුලින්ම කිව්වේ මේක දේශපාලනික කාරණයක් නෙමෙයි. අවංකවම ප්‍රශ්නවලට විසඳුම් සොයන්න ට සෑම කෙනෙකුගේම අදහස් ගන්න කියලා තමයි කතා කළේ කියලා.”

අදාළ වීඩියෝව පහතින්,

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles