Friday, March 29, 2024

පළමු පොපි මල ජනපතිට පළඳවයි

ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරන සන්නද්ධ හමුදා අනුස්මරණ පොපි මල් දින සැමරුමේ පළමු පොපි මල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට පළඳවනු ලැබුවා.

එහි සභාපති මේජර් ජෙනරාල් උපුල් පෙරේරා විසින් ඊයේ (26) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි, ජනාධිපතිවරයාට පොපි මල පළඳවනු ලැබුවේ.

පොපි මල් අලෙවියෙන් ලැබෙන ආදායම විශ්‍රාමික හා රණක්ෂිතයට පත් රණවිරුවන්ගේ සුබසාධනයට වෙන් කෙරෙනු ඇති.

මෙරට පොපි සැමරුම වර්ෂ 1944 දී ආරම්භ කොට ඇති අතර, මෙවර පොපි මල් සැමරුම සිදු කරන්නේ 77වන වරටයි.

පළමුවන හා දෙවන ලෝක යුද්ධයේදී මෙන්ම පසුගිය තිස් වසරක් පුරා ශ්‍රී ලංකාවේ පැවති අභ්‍යන්තර යුද ගැටුම්වලදී ජීවිතය පූජා කළ වීරෝධාර රණවිරුවන් අනුස්මරණය කරමින්, 2021 පොපි සැමරුම නොවැම්බර් මස 14 වන දින පෙරවරුවේ විහාරමහාදේවී උද්‍යානයේ ලෝක යුද විරු අනුස්මරණ ස්මාරකය අභියස දී පැවැත්වීමට ද නියමිතයි.

සෑම වසරකම නොවැම්බර් මස 11 වෙනිදා ලෝකයේ බොහෝ රටවල් පොපි සැමරුම සිදු කරන අතර, මෙරට ද නොවැම්බර් මස 11 වැනි දිනට ආසන්න ඉරු දිනක දී මෙම සැමරුම පවත්වනවා.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles