Friday, March 29, 2024

පළාත් පාලන මැතිවරණයට කොමිසම සුදානම්

ඕනෑම අවස්ථාවක පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සූදානම් බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

මැතිවරණ කොමිෂන් සභාවේ ඉදිරි කටයුතු පිළිබදව දැනුවත් කරමින් පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් එහි සභාපති නිමල් පුංචිහේවා මහතා මේ බව කියා සිටියා.

ලබන වසරේ සිට ඡන්ද හිමියන් ගණන් ගැනීමේ දිනය පෙබරවාරි මස පළමුවනදා සිට ක්‍රියාත්මක වන බැවින් ඒ අතරතුර අතුරු පරිපූරක ඡන්ද හිමි නාමලේඛනයක් සකස් කිරීමට අපේක්ෂා කරන බවද නිමල් පුංචිහේවා මහතා සදහන් කළා.

ඒ මගින් ඡන්ද හිමියන්ට සිය ඡන්ද බලය අහිමි වීමේ අවදානමක් ඇති නොවන බවයි නිමල් පුංචිහේවා මහතා පෙන්වා දුන්නේ.

මේ අතර 2021 ඡන්දහිමි නාමලේඛනයේ තම නාමය සහ අනන්‍යතාවය පරීක්ෂාකරීම සදහා වෙබ් අඩවියක් හඳූන්වාදී තිබෙනවා.

ඒ අනුව https://www.elections.gov.lk/ වෙබ් අඩවිය ඔස්සේ තම අනන්‍යතාවය කහවුරු කර ගැනීම සඳහා හැකියාව පවතින බවයි මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ.

පවතින කොරෝනා වසංගතය හේතුවෙන් 2021 ඡන්දහිමියන් ගණන් ගැනීමේ ආකෘති ගෙයින් ගෙට ගොස් බෙදා නොදෙන අතර 2020 ඡන්දහිමි නාමලේඛනයේ තිබෙන නම් 2021 වසරටද ලියාපදිංචි කරන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළා.

2020 ඡන්දහිමි නාමලේඛණය නොවැම්බර් මස 17 වනදා දක්වා ග්‍රාමනිලධාරී කාර්යාලවල ප්‍රදර්ශනය කරන බවද එම කොමිෂන් සභාව කියා සිටියා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles