Saturday, April 20, 2024

ප්‍රදේශ දෙකකදී තවත් ගෑස් සිලින්ඩර දෙකක් පුපුරයි

ගෑස් ආශ්‍රිත ගිනි ගැනීම් සම්බන්ධයෙන් ස්ථානීය පරීක්ෂණ සිදු කිරීම කෙරෙහි රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ අවදානය යොමුව තිබෙනවා.

ඒ අනුව ඉදිරියේදී ගිනි ගැනීම් වාර්තා වූ ස්ථාන වෙත එම දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් ගොස් විමර්ශන ආරම්භ කිරීමට නියමිත බව සඳහන්.

මේ අතර, අහංගම ප්‍රදේශයේ හෝටලයක ඊයේ පස්වරුවේ ගෑස් සිලින්ඩරයකට රෙගියුලේටරය සවි කිරීමට යාමේදී විශාල ශබ්දයක් ඇසීමේ සිද්ධියක් වාර්තා වී තිබෙනවා.

කෙසේ වෙතත් එම ස්ථානයේ කිසිඳු ගිනි ගැනීමක් සිදුව නොමැති බව පොලිසිය ප්‍රකාශ කළා.

එමෙන්ම ජාඇල, තුඩැල්ල ප්‍රදේශයේ නිවසකින් ද ඊයේ රාත්‍රියේ විශාල ශබ්දයක් සමගින් ගෑස් ලිප පුපුරා යාමේ සිද්ධියක් වාර්තා වුණා.

ගෑස් ආශ්‍රිත ගිනි ගැනීම් දෙකක් ඊයේ දිනයේම කෑගල්ල සහ පුත්තලම, ආරච්චිකට්ටුව ප්‍රදේශවලින් ද වාර්තා වූ අතර, ආරච්චිකට්ටුව ප්‍රදේශයේ ගෑස් ආශ්‍රිතව වාර්තා වූ සිදුවීම ද අලුතින් මිල දී ගත් සිලින්ඩරයකට රෙගියුලේරටය සවි කර ලිප දැල්වීමට යාමේදී ඇති වූවක් බව සඳහන් වෙි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles