Friday, March 29, 2024

පාඨලීගේ පෙත්සම අභියාචනාධිකරණය ඉවත දමයි

රාජගිරියේ සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් විභාග වන නඩුව අත්හිටුවන ලෙස හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පෙත්සම අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කර ඇත.

2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් තමාට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ විභාගය අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් මෙම පෙත්සම ගොනුකර තිබෙනවා.

ඒ අදාළ පෙත්සම නිශ්ශංක කරුණාරත්න සහ ආර්. ගුරුසිංහ යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදීයි

2016 වසරේ පෙබරවාරි 28 වනදා සිදු වූ එම රිය අනතුර පිළිබඳව පොලිස්පතිවරයාගේ නියෝගයකට අනුව පොලිස් ස්ථානාධිපතිවරු දෙදෙනෙකු විසින් විමර්ශන පවත්වා ඊට අදාළ වාර්තා හතරක් මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකර ඇති බව පාඨලී චම්පික රණවක මහතා විසින් ඉදිරිපත්කළ පෙත්සමේ සඳහන්.

එමගින් ඔහු වැඩිදුරටත් දක්වා ඇත්තේ අදාළ පරීක්ෂණ වාර්තා පදනම් කරගෙන වාහනය පැදවූ රියදුරා මහෙස්ත්‍රාත් අධිකරණය විසින් හඳුනාගත් අතර එසේ තිබියදී නීතිපතිවරයා විසින් තමන්ට එරෙහිව කොළඹ මහාධිකරණයේ අධිචෝදනා පත්‍ර ගොනුකිරීම නීතියට පටහැනි බවයි.

මෙම අධිචෝදනා පත්‍රය පවරා පවත්වාගෙන යා නොහැකි බවට සිය නීතිඥවරු ඉදිරිපත්කළ මූලික විරෝධතා කොළඹ මහාධිකරණ විනිසුරුවරයා විසින් ප්‍රතික්ෂේප කළ බවද චම්පික රණවක මහතා සිය පෙත්සමෙන් පෙන්වා දී තිබුණා.

මේනකා විජේසුන්දර සහ නීල් ඉද්දවෙල යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම ප්‍රතිශෝධන පෙත්සම අද (29) කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කෙරිණි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles