Friday, April 26, 2024

පාස්කු ප‍්‍රහාරයේ රහස් හෙළි වුණේ ඉන්දීය අයිඑස් ත‍්‍රස්ත ජාලයෙන් – නවදිල්ලි ගැටුම් කළමනාකරණ ආයතනයේ ප්‍රධානීගෙන් හෙළිදරව්වක්

පාස්කු ප‍්‍රහාරය ගැන තොරතුරු හෙළිවූයේ දකුණු ඉන්දියාවේ අයිසිස් අනුගාමිකයන්ගේ සන්නිවේදන ජාලය තුළට ඉන්දීය බුද්ධි අංශය ඇතුළත් වීමෙන් බව නවදිල්ලි ගැටුම් කළමනාකරණ ආයතනයේ ප‍්‍රධානී අජායි සහානි මුල්වරට හෙළි කර ඇත.

එම ISIS ක‍්‍රියාකාරීන්ගේ සන්නිවේදන ජාලයේ රහස්‍ය වචන ජාලය සොයා ගැනීමට ඉන්දීය බුද්ධි අංශයට හැකි වූ බවද හෙතෙම පළ කළේය.

ප‍්‍රහාරය එල්ල වන්නේ කවදාද? ප‍්‍රහාරකයන් කවුද? ඔවුන් පදිංචි ස්ථාන ප‍්‍රහාරය එල්ල වන වේලාව යන සියලූ තොරතුරු එම සන්නිවේදන ජාලයෙන් අනාවරණය වුණා යැයි අජායි සහානි තවදුරටත් අනාවරණය කළේය.

ඉන්දීය බුද්ධි අංශ පසුගිය අපේ‍්‍රල් 4 වැනිදා මුලින්ම අයිසිස් සන්නිවේදන ජාලයට ඇතුළු වී එම තොරතුරු විගස ශ‍්‍රී ලංකාවට දැනුම් දුන් බවද සහානි වැඩිදුරටත් අනාවරණය කර ඇත. මෙතෙක් ඉන්දීය බුද්ධි අංශවලට පාස්කු ප‍්‍රහාරයට අදාළ තොරතුරු ලැබුණේ කෙසේදැයි හෙළි වී නොතිබුණි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles