Saturday, April 20, 2024

බටහිර ඉන්දීය කොදෙව් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමි අතර පළමු ටෙස්ට් තරගය අද ගාල්ලේදී – කාසියේ වාසිය ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කරයි

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද ආරම්භ වනවා.

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමක් ටෙස්ට් තරගාවලියක් සඳහා මෙරටට පැමිණියේ වසර 6කට පසුවයි.

මෙතෙක් දෙරට අතර ටෙස්ට් තරග 22ක් පවත්වා ඇති අතර ඉන් තරග 9ක ජය ශ්‍රී ලංකාව සතු වෙද්දී තරග 4ක ජය කොදෙව්වන් සතු වුනා.

ජය පරාජයෙන් තොරව අවසන් වූ තරග සංඛ්‍යාව 9ක්.

මෙවර තරගාවලියේ තරග දෙකම පැවැත්වෙන්නේ ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි.තරගාවලියට එක්වන දෙපිලේම ක්‍රීඩකයින් අද සිය අවසන් පුහුණු සැසියන්ට එක්වුණා.

වේග පන්දු යවන්නන් ලෙස එක්වන්නේ සුරංග ලක්මාල් සහ දුෂ්මන්ත චමීරයිග ලසිත් ඇඹුල්දෙණිය,ලප්‍රවීන් ජයවික්‍රම සහ රමේෂ් මෙන්ඩිස් දඟ පන්දු යවන්නන් ලෙස කණ්ඩායමට එක්වනවා.

අද පැවැත්වෙන තරඟයේ කාසිය වාසිය දිනු ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කර තිබෙනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles