Friday, March 29, 2024

බැසිල් රාජපක්ෂට මුදල් ඇමතිකම මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය දැරීමට අයිතියක් නෑ – විජේදාසගෙන් බැසිල්ට දෝස්මුරයක්

බැසිල් රාජපක්ෂ මහතාට මුදල් අමාත්‍ය ධූරය මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය ද දැරීමට අයිතියක් නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කරයි.

ඇමරිකානු පුරවැසියකු වන බැසිල් රාජපක්ෂ මහතාට මෙරට සතු වත්කම් ෙවන රටවලට පැවරීමට කිසිදු අයිතියක් නැතැයි ද ඔහු පැවසීය.

යුගදනවි බලාගාරය ඇමෙරිකානු සමාගමකට පැවරීම සඳහා අත්සන් කල ගිවිසුම හේතුවෙන් බැසිල් රාජපක්ෂ මහතා අමාත්‍ය ධුරයෙන් සහ මන්ත්‍රී ධුරයෙන් නෙරපා හරින්නැයි අධිකරණයේ නඩුවක් ගොනු කර ඇති බව ද ඔහු පැවසීය.

ඇමරිකානු සමාගම් විසින් ඇමරිකානු පුරවැසියන් බයකර මහරෑ මෙම ගිවිසුම අත්සන් කර ඇතැයි ද පෙන්වා දෙන මන්ත්‍රීවරයා එය ක්‍රියාත්මක කිරීම වැළැක්වීමට උපරිමයෙන් කටයුතු කරන බවද කියා සිටියේය.

ඔහු මේ බව කියා සිටියේ අද මහනුවර ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles