Friday, April 19, 2024

බිම්ස්ටෙක් (BIMSTEC ) සමුළුව අද කොළඹ දී

බහු ආංශික තාක්ෂණික සහ ආර්ථික සහයෝගීතාව පිළිබඳ බෙංගාල බොක්ක ආශ්‍රිත රටවල සංවිධානය හෙවත් බිම්ස්ටෙක් සමුළුව කොළඹ දී අද (28) ආරම්භ වෙයි.

මෙවර බිම්ස්ටෙක් සමුළුව පවත්වන්නේ පස්වැනි වරටයි.

දින තුනක කාලයක් කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වෙන මේ සමුළුවේ මුලසුන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් හොබවයි.

මේ සඳහා රටවල් හතක නියෝජිතයන් සහභාගී වන අතර බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, මියන්මාරය, නේපාලය, ශ්‍රී ලංකාව සහ තායිලන්තය යන දකුණු හා අග්නිදිග ආසියානු රටවල නියෝජිතයෝ ඒ සඳහා එක්වන අතර බිම්ස්ටෙක් හි ප්‍රගතිය පිළිබඳව කලාපීය කණ්ඩායමක් ලෙස සාකච්ඡා කරන බවද මේ සමුළුවේ දී බිම්ස්ටෙක් ප්‍රඥප්තිය සම්මත කර ගැනීමට සහ නීතිමය ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමට ද නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles