Thursday, March 28, 2024

මටයි මනූෂටයි මරණ තර්ජන එල්ලාවෙලා,පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු මැරෙන්න කලින් එළි කරනවා – හරීන්

තම ජීවිතයටත් මනුෂ නානායක්කාර මන්ත්‍රීතුමාටටත් ජීවිත තර්ජන එල්ලවී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා බදුල්ලේදී ඊයේ (21) ප්‍රකාශ කළා.

හරීන් ප්‍රනාන්දු මහතා කියා සිටියේ දැන් පවතින ආණ්ඩුවට වැඩි වැඩියෙන් ප්‍රහාර එල්ල කරන නිසා මෙම තත්ත්වය උද්ගතව ඇති බවයි.

සමගි ජන බලවේගයේ බදුල්ල මැතිවරණ කොට්ඨාශයේ නව සංවිධායක සුසිලා ඩයස් මහත්මිය විසින් කැදවා තිබූ පක්ෂ ක්‍රියාකාරින්ගේ හමවුක ප්‍රධාන ආරාධිතයා ලෙසට සහභාගී වෙමින් හරින් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ,

සමහර කරුණු එලියට දාන්න තියනවා මේ පාරෙ යනකොට ලොකු භයානක තත්වයක් ඇතිවෙලා තියෙනවා. පාස්කු ප්‍රහාරය ගැන ලොකු මඩ ප්‍රහාරයන් මට මාධ්‍ය වලින් ගැහුවා.

ඒකත් මට කොළඹට යන්න හේතුවක් උනා. පාස්කු ප්‍රශ්නයට මුහුණ දෙන්න මට බදුල්ලේ ඉඳන්බැහැ. මම උපන්න වත්තල, කඳාන, ජාඇල, මීගමුව, කටාන කියන ආසන වල තමයි කතෝලික ජනයා වැඩියෙන්ම ඉන්නේ. පාස්කු ප්‍රහාරය මම සැලසුම් කළා කියලා ගෙන ගිය ප්‍රචාර නිසා අපි බරපතල ගැටළු වලට මුහුණ දුන්නා. මගේ දරුවට පාසැල් යන්න පවා බැරිඋනා.

නමුත් අද මොනවද වෙලා තියෙන්නේ. ඒ කියපු ඔක්කොටම දෛවයේ සරදමක් වෙලා අද මේ රටටම සපායක් වෙලා. මාව කොහොම හරි ඇතුළට දාන්න උත්සාහ කරනවා. මම අද කියනවා මේ ආණ්ඩුව පාස්කු ප්‍රහාරයට ව​ගකියන්න ඕන. ඒක අපි ඔප්පු කරලා පෙන්වනවා. හුස්ම යන්න කළින් මම ඒක කරනවා. මට අවශ්‍ය වන්නේ ඡන්ද ලක්ෂ 17 තියෙන ගම්පහ දිස්ත්‍රික්යෙන් පොරක් වෙන්න. බදුල්ලේ තියෙන්නේ ලක්ෂ 6 යි. මම ගම්පහ දිස්ත්‍රික්කයේ හරිහැටි ගේමක් ගැහුවොත් ලංකාවෙන්ම සජිත් මහත්තයා වැඩිම මනාපය ගන්නකොට ගම්පහ දිස්ත්‍රික්කයේ පළමුතැන මනාපය දිනාගෙන මම ලංකාවේම දෙවැනි තැනට මනාප ගන්නවා. ගම්පහ දිස්ත්‍රික්කයේ ඡන්ද නැතිව අපිට ලංකාවේ ඡන්දයක් දිනන්න බැහැ.

එදා පාස්කු ප්‍රහාරය ගැන මම කියපු දේවල් වගේ දේවල් අද පාදිලි උන්නාන්සෙත් කියනවා. ඇමති පුතා බේරුනා අපේ මිනිස්සු මැරුනා කියනකොට මම කතෝලිකයෙක් හැටියට මගේ අම්මා කාතෝලිකයෙක් හැටියට අපි දැඩි අපහසුතාවට පත්වුනා. මාස 2ක් යනකොට මගේ තාත්තා මැරුනා.

ඒ නිසා මම හිතුවා මට බැන්න තැනටම ගිහිල්ලා මේ අභියෝගය ජයගන්න දැන් මට තේරෙනවා. මට බැන්න කඳාන, මීගමුව, ජාඇල, කටාන, වත්තල ජනතාව පළමු මනාපය කරනම් ගහල දෙන්න දැන් සූදානම් වෙනවා යැයිද පැවසීය .

දැනට පවතින සිමෙන්ති හිගය සීනි ඇතුළු අත්‍යාවශ්‍ය ආහාර වල මිල ගණන් පොහාර ප්‍රශ්නය නිසා පවතින එලවළු මිල ඉහලටම යාම අධ්‍යාපන ප්‍රශ්න හා ජීවන විදයම අහස උසට යාම නිසා ජනතාව දැඩි සේ පීඩාවට පත්ව සිටිනවා.

මේ තත්වය නිසා අවුරුද්දට පෙර මේ ආණ්ඩුව කඩාවැටෙනවා” යනුවෙන් අවධාරණය කළා.

සමගි ජන බලවේගයේ බදුල්ල නව ආසන සංවිධායක හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙක් වූ ඩී.වින්සන්ට් ඩයස් මහතාගේ බිරිද මෙන්ම හරින් ප්‍රනාන්දු මහතාගේ නැන්දම්මා වන සිසුලා ඩයස් මහත්මියද මෙම හමුව අමතා කතා කළාය .

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles