Saturday, April 20, 2024

මට ගැහුවේ නැහැ – කනක හේරත්

විරෝධතාවයක් අතරතුරදී රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතාට ගෑස් සිලින්ඩරයකින් පහර දී ඇති බවට සමාජ මාධ්‍යවල පැතිරයන පුවතක් සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රතිචාර දක්වමින් විශේෂ ප්‍රකාශයක් කර තිබේ.

රාජ්‍ය ඇමති කනක හේරත් හට කෑගල්ල, රන්වල, අලුත්පාර හන්දියේ ගෑස් බෙදාහැරීමේ ආයතනයක අලෙවි සැල ඉදිරියේ ගෑස් ලබාගැනීමට පැමිණි පිරිසක් විසින් පහර දුන් බවට පුවතක් පළ වී තිබුණා.

කනක හේරත් රාජ්‍ය අමාත්‍යවරයා ගෑස් පෝළිම අසලින් ගමන් කරමින් සිටිනවා දුටු පිරිසක් විසින් සිය ගෑස් සිලින්ඩර් යොදාගෙන රාජ්‍ය අමාත්‍යවරයාගේ රථයට පහර දුන් බවට එම පුවතේ පළ වී තිබුණා.

කෙසේ වෙතත් මෙම පුවත සම්බන්ධයෙන් අමාත්‍යවරයා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබුණේ එම පුවතේ සත්‍යතාවයක් නැති බවත් තමන්ට එවන් පහර දීමක් සිදු නොවුණු බවයි.


“ජනතා විමුක්ති පෙරමුණ සහ විපක්ෂයේ කණ්ඩායම් , මට ගෑස් සිලින්ඩරයකින් ගැහුවා කියන එක ප්‍රචාරය කරනවා.ඒක අමූලික බොරුවක්.කෑගල්ල දිස්ත්‍රික්කයේ ජනතාව මා කෙරෙහි ලොකු විශ්වාසයක් තියලා තියෙනවා.ඒ වගේම ජනතාව වෙනුවෙන් අපි එදා වගේම කැපවෙලා කටයුතු කරනවා.දේශපාලන වාසි ලබාගැනීම සඳහා ජනතාව කුපිත කිරීම තමයි ජනතා විමුක්ති පෙරමුණේ කණ්ඩායම් මෙවැනි අභියෝගාත්මක අවස්ථාවල සිදුකරන්නේ. පීඩාවට පත්වෙලා ඉන්නේ ජනතාව, ඒ පිළිබඳ අපි වගකීම රජයක් ලෙස භාරගත යුතුයි”

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles