Thursday, March 28, 2024

මලවතු – අස්ගිරි මහානාහිමිවරැන් පකිස්තාන අගමැතිගේ පොරොන්දුව ගැන අවධානයෙන්

ප්‍රියන්ත කුමාර මහතාගේ ඝාතනයට සම්බන්ධ සියලූම අපරාධකරුවන්ට නීතිය උපරිමයෙන්ම ක්‍රියාත්මක කරන බවටත් දෙරට අතර පවතින දිගු කාලීන මිත්‍රත්වය හා විශ්වාසය කිසිවිටෙකත් පලූදු වීමට ඉඩ නොතබව බවට පකිස්තාන අග්‍රමාත්‍යවරයා දැනටමත් දී ඇති පොරොන්දුව පිළිබදව විශ්වාසය තබා ඇති බව අස්ගිරි සහ මල්වතු පාර්ශව අවධාරණය කරනවා.

එබැවින් මෙම ශෝචනීය අවස්ථාවේදි අප රටේ ජනතාව බුද්ධිමත්ව සහ ඉවසීමෙන් යුක්තව රටේ සාමය / සහජීවනය සහ ගෞරවය ආරක්ෂා කරගැනීමට ක්‍රියාකළ යුතු බවයි උන්වහන්සේලා පෙන්වා දෙන්නේ.

මෙම අපරාධය සිදුකළ මීනිමරුවන් කවුරුන් වුවත් ඔවුන් නීතිය හමුවට පමුණුවා නිසි දඩුවම් ලබා දී ප්‍රියන්ත කුමාර මහතාගේ බිරිද සහ දරුවන්ටත් පවුලේ සියලූ දෙනාටත් සාධාරණයක් ඉටුවන අයුරින් පකිස්ථාන සහ ශ්‍රී ලංකා රජයන් කටයුතු කළ යුතු බවයි නිවේදනයක් නිකුත් කරමින් අස්ගිරි සහ මල්වතු පාර්ශවයේ ලේඛකාධිකාරී හිමිවරුන් අවධාරණය කරන්නේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles